ඉතාමත්ම ධාරානිපාත වරුසාවක් දෙස ඇදුනු දැව අසුනක හිද නොතෙමී ජනේලෙන් තෙමි තෙමි දිවෙන ලේනුන් හා තුරු දෙස බලන් හිදින නිමේශයක මට සිතෙහි නිශ්පන්නය වූ කාරණා කීපයක් සරලව මෙලෙස සටහන් කරන්නට සිතිනි.
13893a_bellmerඅස්සක් මුල්ලක් නෑර ම මේ පොළෝ කොටසෙහි නව්‍ය අයවැය පිළිබද උණුසුම චර්මයටත් වඩා දැනෙන කාලෙක, මහා ධනේශ්වර රටක දේශපාලනික චලනය ද අයවැය ලෙස ම පොළෝ කොටසෙත් විශ්වීය වත් සංවාද සදහා කාරණයක් වී තිබේ, එනම් දැනටමත් අනිවාර්‍යෙන්ම කන් වැකී ඇතැයි සිතෙන මේ ගතවෙන දේශපාලනික වියහැකිභාවයන් (possibilities), සිදු කළ දේශපාලනික ප්‍රකාශයන්හි බලගත සක්‍රීය වීමේ හැකියාව පිලිබද කථිකා ද උද්ඝෝෂණ ද තවත් සිදුවීම් සහිත ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනපතිවරණය සිදු වී ජනපතිවරණයෙ පශ්චාත්-අවධිය ගතවන කාල වපසරිය පිලිබදව වීමයි. මෙවර යම් ප්‍රගතිශීලි බව ක සිහින යම් යම් ජන කොටස් අතර තැබූ බර්නි සැන්ඩර්ස් ද ගිලිහී, ද්වී පක්ෂ ක්‍රමයක් දක්නට ලැබෙන ඇමෙරිකා එක්සත් ජනපදයෙ පසුව ඉතිරි වුනු රිපබ්ලිකන් පක්ශය නියෝජනය කරමින් ඩොන්ල්ඩ් ට්‍රම්ප් ද, ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් හිලරි ක්ලින්ටන් ද, ඒ අතරිනුත් සාමාජිකයන් 538කින් සමන්විත ඡන්ද විද්‍යාලයේ (Electoral College) ඡන්ද 290ක් ලබාගනිමින් කලක රූපවාහිනී රියැලිටි වැඩසටහන් මෙහෙයවන්නෙක් ලෙස සිටි, සම-සෙනෙහස් එමෙන්ම සංක්‍රාන්ති ලිංගික ජන ප්‍රජාවට විරුද්ධ ව සහ සංක්‍රමණික ජන ප්‍රජාවට විරුද්ධවත් ආදි තවත් එවැනි ප්‍රකාශ සිදු කළ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය නතු කර ගත්තේය.
                  සරල ව එකී සිදුවීම දැක්වීමෙන් පසු ව එහි පශ්චාත්තාප සහිත, අභිනීහාර දැවුණු පශ්චාත් අවධිය ගෙවෙන සන්දර්භයක , එ් ජනාධිපතිවරණ වැඩසටහන් පැවැත්වෙන කාලයෙහි ජෝන් ලෙනන් ගෙ ගීත ද අපට අසන්නට ලැබුණු නිසා මට ජෝන් ලෙනන් ගෙ පෙම්වතියක් වූ ජපාන ජාතික යොකෝ ඔනෝ (Yoko Ono) විසින් මතක විදිහට 1964 වගෙ වර්ශයක කළ ඇගේ Cut Piece නම් performance art එක සිහියට ආවෙ නිරුත්සාහකව ම එහි ගර්භිත දේශපාලනික අර්ථ ධ්වනිය හේතුකොට ගෙනයි. ඒකාකෘතික කළ නිරුවත් බව සුපුරුදු වුණු මිනිසුන්, දේශපාලනික කුලක වල වින්දනය උදෙසා චිරාගත ව නිරුවත් වී ආශ්වාදජනනය කරන සෙල්ලම්බඩු වු, නිරුවත් බව සුපුරුදුකරණය ව තිබීම නම් සංකීර්ණ කාරණය ‍තුළ කිසිවක් කරගත නොහැකි ලෙස මායාමය නූල් වලින් එල්ලුනු රූකඩ බව ට පත් ව තිබීම, මට උක්ත දේශපාලනික සිදුවීම හා එවැනි සිදුවීමුත් ඊට සමගාමි ව පැවැත්වෙන උක්ත ඊනියා ගී ගැයීම් හා එවැනි දෑ ත් මා දැක්වූ යොකෝ ගෙ Cut Piece තුලින් නැවත බරපතලව චිත්‍රනය කරයි, කරවයි, කරවනසුළුයි.
ඇමෙරිකා එක්සත් ජනපදයෙ ජනාධිපතිවරණයෙ හි පශ්චාත් අවධිය ගෙවෙන සන්දර්භයක් සහිත කාලයක, මේ ජීවත් වන කාල කුලකයෙ ප්‍රධානතම දාර්ශණිකයා ලෙස ප්‍රංශ ජාතික ඇලේන් බදියු (Alain Badiou) (එලෙස ජාතික ලෙස දැක්විම අපහසු වු ද කියවන්නන් උදෙසා දක්වමි.) බව ස්ලැවෝයි ජිජැක් (Slavoj Zizek) විසින් 2008 වසර අවසානයෙ පිළිගෙන ඇති අතර ඇලේන් බදියු නම් දාර්ශණිකයා රචනා කළ ‘Meaning of the Sarkozy‘ හි (‘සාකෝසි යනු කුමක්ද’ යන ලෙස වංගීස සුමනසේකර විසින් කළ පරිවර්තන කෘතියෙන් මෙතැන් සිට උපුටාගැනීම් සිදු කරනු ලැබේ.) සංවිධිත ව කියවීමකට උක්ත සිදුවීම් සුපුරුදු ලෙස සිදුවෙන දේශපාලනික පරිසරය ලක් කර ඇති අතර එහි කුඩා උපුටා ගැනීමක් කරමි.
“සෑම භීතීන් දාමයක් ම අවසාන වන්නෙ හිස් බවකින් වන අතර ඡන්දය ප්‍රකාශ කිරීම යනු මෙය සිදු කෙරෙන මෙහෙයුමයි. මෙය, මා තර්ක කරනා ලෙසට, දේශපාලනික මෙහෙයුමක් නොවෙයි නම් එහි නියම ස්වභාවය කුමක්ද ? ඇත්තටම කියනවානම්, ඡන්දය දැමීම කියන්නෙ රාජ්‍ය මෙහෙයුමක්. ඡන්දය දේශපාලනික ක්‍රියාවලියක් ලෙස තේරුම්ගත හැක්කේ දේශපාලනය හා රාජ්‍ය අනන්‍ය වන්නේ ය යන උපකල්පනය මත පමණි”
උපුටා ගැනීම අවසන්.
මේ අයුරින් මා උපුටා ගත් කොටස මෙන් ම ඔහු සංවාද ගත කරන දේශපාලනික පරිසරයෙහි හැසිරීම පිලිබද ගෙනෙන සූක්ෂම කාරණා සරල බැහැර කිරීමකට කිසිසේත් ලක් කළ නොහැකි තරමට දේශපාලනික පරිසරය තුළ පවතී. තව දුරටත් ඉදිරියටත් ඒ ඔස්සෙ ත් ධනේශ්වර යාන්ත්‍රනය හි ප්‍රෝඩාකරී මානයන් තර්කනයන් කියවීමකට ලක් කළ යුතුවීම නොවළැක්විය හැකි අවශ්‍යතාවක් ව තිබීම කලක පටන් තිබිණි. එය මෑතක සිදුවුන ජනාධිපතිවරණ මැතිවරණ (ලංකාව ද ඇතුළු ව) දේශපාලනික සිදුවීම්වලින් ගම්‍ය වන ප්‍රකාශනය වන ඇත්තකි. උපක්‍රමශීලි බව හොදින් තිබෙන මේ දේශපාලනික යාන්ත්‍රනය පිලිබදව ත් එලෙසෙම රාජ්‍ය යන්න සුජාතකරණය කිරීම සදහා බිය යෙදවෙන, යොදවන බව ත් එලෙසෙ එ තුළින් සුජාත වුණු රාජ්‍ය හොදාකාරවම ත්‍රස්තවාදී ස්වභාවයක් ගන්නා තරමට සුදුසු බව බදියු ඔහු ගෙ Meaning of the Sarkozy කෘතියෙ රචනා කොට දක්වා ඇති අතර මෙලෙස ඔවුන් යෝජනා කරන ඡන්දය යන්න දිශානතිහරණය (disorienation) ඉදිරිපත් කරන යාන්ත්‍රනයක් බව බදියු ඔහුගෙ කෘතියෙ දක්වන කියවීමකට නතු කළ යුතු අවලෝකනය කළ යුතු කරුණු අතුරින් එක්ම එක් කරුණකි.
එලෙස ම මෙ ලිපියට Yokoගෙ ‘Cut Piece’ performance art එක මා මෙහි නිදර්ශනයක් ලෙස මෙහි යොදා ගනු ලැබුවේ අප ව කවන්ධමය ස්වරූප ගත කර අපට කිසිවක් කරගත හෝ කියාගත නොහැකි තරම් ධනේශ්වර ප්‍රයෝගකාරී යාන්ත්‍රනය සියුම් ව ක්‍රියාත්මක වන බවත් එය එහි පැවැත්ම උදෙසා උපකරණමය ලෙස අප ව භාවිතා කරන බවත් ප්‍රකාශකරන නිසාය. ඊට ත් සමගාමීව නිශ්චිත දැක්විය යුතු උපුටුගැනීමක් මෙහි දැන් කළ යුතු වන්නෙ සුසර වුනු සන්ගීත භාණ්ඩය වැයීම කළයුතු හෙයිනි. එ් 2011 වසරේ ඔක්තෝබරයේ නව වන දිනක Occupy Wall Street උද්ඝෝශණයේදි ස්ලැවෝයි ජිජැක් කළ දේශනයෙන් කුඩා කොටසක් උපුටාගැනීමට කැමැත්තෙමු, 2011 වසරේ ඔක්තෝබර් තිස් වන දින ‘රාවය’ පුවත්පතේ පළ වූ පරිවර්තනයෙන් එ කුඩා උපුටාගැනීම සිදු කරයි.
“…නැගෙනහිර ජර්මනියෙ ක‍්‍රියාධරයෙක්ව යවනව යම් කාර්යයක් සඳහා සයිබීරීයාවට ඔහු දන්නවා දැන් ඔහුගේ හැම ලියුමක්ම කඩල කියවල බලනව කියලා. ඔහු කියනව ඔහුගේ මිත‍්‍රයන්ට ‘‘අපි රහස් සටහන් ක‍්‍රමයක් තියාගනිමු. මගෙන් ඔබට ලැබෙන ලියුමක් නිල්පාට තීන්තෙන් ලියලා තියෙනවා නම්, ඒ කියන්නේ මං ලියලා තියෙන දේ සියල්ල ඇත්තයි. ලියුම ලියලා තියෙන්නේ රතුපාට තීන්තෙන් නම්,ඒ තොරතුරු අසත්‍යයි.’’ ඔන්න මාසයකට පස්සේ, මිත‍්‍රයන්ට ඔහුගේ පළමු ලිපිය ලැබෙනවා. නිල්පාටින් ලියලා තියෙන්නෙ. ඒකේ කියනවා, ‘‘මම මෙහේ හොඳ අපූරුවට ඉන්නවා. හැමතැනමත් එහෙමයි. කඩවල්වල ඇති පදමට හොඳ කෑම තියෙනව. සිනමාහල්වල හොඳ බටහිර චිත‍්‍රපට බලන්න පුළුවන්. තට්ටු නිවාස හොඳ සැප පහසුකම් සහිත විශාල ඒවා. මෙහෙ මිලදී ගැනීමට බැරි එකම දේ තමයි රතු තීන්ත..”
උපුටාගැනීම අවසන්.
ඒ ස්ලැවෝයි ජිජැක් විසින් කළ දේශනයක්දි ඔහු කියු කොමියුනිස්ට් කාලෙ කතාවක් වුද එහි පවතින බරපතල දේශපාලනික ස්පර්ශය එහි මායාකාරි යාන්ත්‍රනයක ග්‍රහනයකට හසු වී නිර්මානය වූ දැඩි ගොළු බව, දැඩි බුද්ධි බෙලහීන බව මනාව එ කුඩා කතාව විසින් අපට ගම්‍යමාන කරනු ලබයි. උක්ත දේශපාලනික සිදුවීම් වල ඊනියා හැසිරීම් සහ නිර්නිදහස් බව හි ගැඹුරු කටුකත්වය නැවත නැවතත් ඒ ඒ ඒවා තුළින් අපට ඉදිරිපිට කරවන අතර බය ගන්වයි සන්කීර්ණ විදිහට.අපට නිර්නිදහස් බව ප්‍රකාශනයට තියා අවම වශයෙන් සිහිනෙන්වත් දක්නට නොහැකි තරමට දරුණු බෙලහීනතාවයකට ධනේශවර යාන්ත්‍රණයේ මායාකාරි බව හා එහි සියලු ප්‍රෝඩාකරි ඉරියව් විසින් අපව ඇද දමා ඇත.ඔහේ වෙළදපලවල් තුල දිවෙන,ඇවිදින, හිදින නිදන විටක හිනාවන ජීවීන් නොවන ඒකාකෘතියන් (stereotypes) මෙ ධනේශ්වර ක්‍රමය විසින් නිශ්පාදනය කර එළියට දමා ඇත.

dhs76_771_0                                              

යොකෝ ඔනෝ ගෙ කලා නිර්මාණය ලෙස ට ම මෙහි දී මතක් වෙන සිහිගත කරවන කලානිර්මානයක් මට නැවත ලිපියෙහි අවසානයට මත්තෙන් දැක්විය යුතුය. ඒ ගල් කරපු ඝනීභවනය කළ විසල් මෝරකු ගෙ ස්ථාපිත කලානිර්මානයයි (Installation art), එය නිර්මානය කරනු ලැබුවේ 1991 දි ඩේමියන් හස්ට් (Damien Hirst) නම් වූ Verity එ් වගේම Mickey වගේ කලානිර්මාණ බොහෝමයක් කළ කලාකරුවා විසිනි. එ් තුලින් මා අසන්නෙ එහි ඇත්තේ ඇත්තටම මෝරා ම ද ? එපමණ ක් පමණ ද? ලිපිය පමණක් එලෙස අවසන් කරමි.
ප්‍රබුද්ධ දික්වත්ත.
Advertisements