මෙරට ඉංග්‍රීසි භාෂාවටඇති ආධිපත්‍යය, පන්තිය සමග සම්බන්ධ වන දෙයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. අප සාමාන්‍යයෙන් සිතන්නේ මුදල් තිබෙන, විශාල වෙළඳ ව්‍යාපාර වල අයිතිකරුවන් සහ ඉංග්‍රීසි භාෂාව අතර සමීප සම්බන්ධයක් ඇතැයි කියාය: ‘මිල අධික වාහන වලින් යන, මිල අධික හෝටල්, බොජුන් හල්, කෝපි හල් වලින් ආහාර පාන ගන්න, මිල අධික ඇඳුම්, පැළඳුම්, සුවඳ විලවුන් භාවිතා කරන මිනිසුන්ට තමයි ඉංග්‍රීසි පුළුවන්! එවැනි මිනිසුන් තමයි ඉංග්‍රීසි කතා කරන්නේ, කුඩා කළ සිට. ඔවුන් ඉදිරියේ අප කතා කරන්න ගියහොත් අපගේ සිංහල මූලයන් හෙළි වී අප ලැජ්ජාවට පත්වනු ඇත!’aa0c827b3f5d71307ef3c4c12a265e3f

එම අරුතින් ගත්විට එක්සත් ජනපදයේ නව ජනාධිපති ලෙස තෝරා ගැනුණු ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ඉතාම හොඳට ඉංග්‍රීසි පුළුවන් මිනිසෙකු විය යුතුය. ඔහු ඉපදෙන්නේ කෝටිපති ව්‍යාපාරික පවුලකටයි. ඒ හා සමාන ධනයක් හිමි කිසිම පවුලක් ලංකාවේ නොමැති වෙයි. ඔහුගේ මුළු ජීවිතයම ගත වී තිබෙන්නේ මිල අධික වාහන, බොජුන් හල්, විලාසිතා නිර්මාපකයන් ගේ අතින් නිම වූ ඇඳුම්, සුවඳ විලවුන් ආදිය සමගයි. නමුත් ඔහු ඉතා පැහැදිළිව, නැවත නැවතත්, තමන්ට නිවැරදිව වාක්‍ය කීපයක් එකට අමුණා ගැනීමට නොහැකි බව ඔප්පු කරමින් සිටියි. ජනාධිපතිවරණය ට පෙර සිටම ග්‍රැහැම් හාර්මන් වැනි අය මෙය අපට බොහෝ අවස්ථා වලදී පෙන්වා දුනි. මේ සඳහා තවත් සාක්ෂියක් අවශ්‍යනම් ඔහු ජානාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමග කළ පළමු දීර්ඝ මාධ්‍ය සාකච්චාව බලන්න. මේ මගින් අපට වැදගත් නිගමන කීපයකට පැමිණිය හැකිය.

  1. ඉංග්‍රීසි සහ පන්තිය අතර සම්බන්ධයක් නොමැත.
  1. ඇමරිකාවේ ජනාධිපති වීම සඳහා ඉංග්‍රීසි අවශ්‍ය නොවේ.
  1. නමුත් ‘ග්‍රැහැම් හාමන්’ වගේ වීමට ඉංග්‍රීසි අවශ්‍ය වේ.
  1. ග්‍රැහැම් හාමන් කියන්නේ කවුද කියා දන්නේ නැතිනම්, එය දැන ගැනීමට ඉංග්‍රීසි අවශ්‍ය වේ.
  1. නැතිනම් ඔබ ජීවිත කාලය පුරා අසා දැන ගනු ඇත්තේ ‘ඩොනල්ඩ් ට්‍රම්ප්ලා’ ගැන පමණි.

***

මෙතැනින් කියවිය හැකි ට්‍රම්ප් ගේ සම්පූර්ණ සාකච්ඡාවේ හෙළිදරව් වන ඔහුගේ අතිශය දුර්වල ඉංග්‍රීසි ව්‍යවහාරයට නිදර්ශනයක් ලෙස මේ කොටස බලන්න:

As far as the, you know, potential conflict of interests, though, I mean I know that from the standpoint, the law is totally on my side, meaning, the president can’t have a conflict of interest. That’s been reported very widely. Despite that, I don’t want there to be a conflict of interest anyway. And the laws, the president can’t. And I understand why the president can’t have a conflict of interest now because everything a president does in some ways is like a conflict of interest, but I have, I’ve built a very great company and it’s a big company and it’s all over the world. People are starting to see, when they look at all these different jobs, like in India and other things, number one, a job like that builds great relationships with the people of India, so it’s all good.

Advertisements