pauline-oliveros

විසි වෙනි සියවසේ ඉදිරිගාමී (avant-garde) සංගීතයේ මූලික චරිතයක් වූ පෝලීන් ඔලිවෙරෝස් (Pauline Oliveros) මෙයට දින දෙකකට පෙර – 25 දා – මිය ගියාය. සංගීතය යනුවෙන් හඳුනා ගන්නා දෙයට ඇතුලත් වන හැකි ශබ්ද, සංගීතය ඇසීම යන භාවිතය පුළුල් කර ගන්නා ආකාරය ආදිය සම්බන්ධයෙන් ඇය කළ පර්යේෂණ මගින් වූ බලපෑම විශාල විය.

අපේ රටේ සංගීතය යනුවෙන් ජනප්‍රිය වී තිබෙනා ඒකාකාරී ‘නයි සහ ඉණිමං’ ක්‍රීඩාවට ජීවිතය කාලයම කොටු වී සිටිනා මිනිසුන් ඔලිවෙරෝස් ගැන සිහිනෙන්වත් අසා නොමැති බව විශේෂයෙන් පෙන්වා දිය යුතු නොවේ. නමුත් ෆිඩෙල් කැස්ත්‍රෝ විසින් නියෝජනය කළ බලාපොරොත්තුව වෙනුවෙන් එකතු වී සිටිනා මිනිසුන් හට ඔලිවෙරෝස් මග හැර යා හැකි අනාගතයක් නොමැති බවනම් කිව යුතුය.

පහතින් තිබෙන්නේ 1984 ඉදිරිපත් වූ A Love Song නම් ගීතයයි. ඔලිවෙරෝස් ගේ මෙම ශබ්ද එකතුව මගින් ගොඩ නගන ලෝකය අහන්න. ෆිඩෙල් ගොඩ නගන්න හැදූ ලෝකයේ සත්‍යය එහි නොමැතිද?

Advertisements