girl-with-a-owl-1335434956_b-jpg222අපගේ සාමාන්‍ය-දෛනික-දිවිපෙවෙත [average everyday life] තුළ (අප වැනි ම වුව ද එහෙත්) අපට වඩා බොහෝ උස් ගතිපැවතුම් ඇති, ගුණසපුවෙන් හෙබි සාරගර්භ දෑ පවසන මිනිසුන්  [serious individuals] දුටු කල, අපි ඔවුන් ‘චින්තකයන්’ ‘දාර්ශනිකයන්’ ලෙස නම් කරන්නෙමු.

ඔව්, එය සැබෑවකි. ඔවුහු බොහෝ බැරෑරුම් දේ පවසති. ලියා තබති. අපි එවැනි දේ අසන්නමු. කියවන්නමු. එහෙත් අප දැනගත යුතු දෙය නම් එවැනි දාර්ශනික කරුණු පිළිබඳ අප කිරීමට පෙළඹෙන මෙනෙහිකිරීමේ දී දාර්ශනිකයා අපගෙන් බලාපොරොත්තු වන්නේ; සවිචාරාත්මක ප්‍රතිපෝෂණයක් [critical feedback] සහ එවන් ගැටලු හමුවේ අප ගන්නා ආස්ථානයේ ඇති අවංක බව සහ බැරෑරුම් බව යන්නයි. මෙම ක්‍රියාව සඳහා අපට ඇති ප්‍රධාන බාධාවන් වන්නේ; භාෂාමය සීමාකම් සහ එකී සංකල්ප හටගත් භූමිය [ground] සහ එහි සංස්කෘතිමය කරුණු පිළිබඳ අපට ඇති නොදනුමයි.

” මට අනුව [බෙහෙවින් ම දාර්ශනික වූ]ලේඛකයකු තේරුම්ගැනීම යනු, එකී ලේඛකයා ප්‍රකාශ කර සිටිනා දෙයින් [එම කරණු මත පිහිටා]අපට යමක් ක්‍රියාවට නැංවීමට ඇති හැකියාවයි, මාහට එය [මගේ ලොවට] අදාළ කාරණයක් කරගෙන එය [මාගේ ලොව තුළ] ප්‍රතිනිර්මාණය කර ගැනීමයි.

ඩෙලර්ස් සහ ෆූකෝ [තවත් දාර්ශනිකයන් දෙදෙනෙකි] කුමක් කීවත්; සංකල්ප [අදහස් [concepts]] යනු උපකරණ [tools] නො වේ. උපකරණ සැමට එක සේ සමාන ව සේවය කරයි. “දර්ශනයේ උපකරණ” [tools of philosophy] සැබවින් ම සේවය කරන්නේ ඔවුනට ම ය. “

(වරහන් තුළ ඇති දෑ මා ඒක කළ පැහැදිලි කිරීම් ය)

මා පරිවර්තන කළ ඉහත උද්ධෘතය ප්‍රංශ ජාතික චින්තකයකු වන ජාක් රොන්සියර්ගේ අදහසකි. (මා මෙම උපුටනයෙන් සංඥා කර සිටින්නේ රොන්සියර්ගේ දර්ශනය නො ව, ‘දර්ශනයට’ අප අවතීර්ණ වීම සහ එය භාවිතයට ගැනීම පිළිබඳ ඔහුගේ අදහසයි! )

හුදු ප්‍රකාෂමානීය තලයක දී (බැලූ බැල්මට) අපට පෙනෙනුයේ මෙවන් චින්තකයන් බොහෝ අදහස් ඉදිරිපත් කර ඇති බවකි. නමුත් සැබවින් ම එය එසේ නො වන්නට ද පුළුවන. තම ගුරුකුලය කුමක් වුවත්, වෙසෙසින් ම අද්‍යතන දාර්ශනික සම්ප්‍රදාය තුළ දාර්ශනිකයන් බොහෝ විටක ඒක කේන්ද්‍රීය අදහසක් ඉදිරිපත් කර තත්කාලීන සමාජයීය තත්වයන් පිළිබඳ සෝදිසියෙන් සිට, වරින්වර එහි කරුණුමය තත්වයන්  සමග සසඳමින් තම අදහස ප්‍රතිනිර්මාණය කිරීමක්, මුල් අදහස පෝෂණය කිරීමක් සිදු කරයි.

එක්තරා මට්ටමක දී අප මෙකී දාර්ශනිකයන්ගේ අදහස් භාවිතයට ගනු ලබන්නේ හුදෙක් ම අප එදිනෙදා විවිධ වැඩකටයුතු සඵල කරගැන්මට විවිධ මෙවලම්, උපකරණ භාවිතයට ගන්නා සේ නො වේ ද?

රොන්සියර් ප්‍රකාශ කර සිටින්නේ එය එසේ නො විය යුතු බවයි. දර්ශනය හුදු උපකරණමය පැවැත්මකට ලඝු නො විය යුතු බවයි.

83973-5242161-tools

ඇතැම් දාර්ශනිකයන්ට තම සමස්ත ජීවිතය පුරාවට ම ඇති ගැටලු ගණනින් එකක්  නැත්නම් ඉතා සීමිත විය හැකි ය. නමුත් ඔවුන් එවන් එක් ගැටලුවකට වුව ද දෙන අවධානය එය අවබෝධ කරගැන්මට වගුරුවන ශ්‍රමය අතිමහත් වේ.

ඔවුහු ශාස්තෘවරු නො වෙති. දාර්ශනිකයාගේ කාර්යභාරය එයින් ඉඳුරා ම වෙනස් ය.

ඔබට දාර්ශනිකයකුගේ දේශනවලට සවන් දිය හැකි ය. එනමුදු දාර්ශනිකයා ඔබට කිසිවක් දේශනා කර සිටින්නේ නැත. එබැවින් ඔබ ශ්‍රාවකයකු වන්නේ ද නැත.

ඔහු, හිස් ගණනින් බොහෝ වූ පරපුරකට මහා-ආචාර්යවරයකු විය හැකි ය. එහෙත් සියලු දාර්ශනිකයන් ‘මහාචාර්යවරු’ නො වෙති.

දාර්ශනිකයා විස්මකර්මයෙකු නො වේ. එහෙත් අප අනිවාර්යයෙන් ම විස්මයට පත් විය යුත්ත පිළිබඳ අපට අවැසි සිහිකැඳවුම කරන්නේ ඔහු ය.

ඔහු ඔබගේ වන්දනාමානය බලාපොරොත්තුවෙන් ඔබ කරා පැමිණෙන්නේ නැත.

ඔබ දාර්ශනිකයෙකු ලෙස හඳුනාගත් පුද්ගලයා ඇතැම් විටෙක; උඩඟු, අසංස්කෘතික නිරාගමිකයකු ලෙස ඔබට සිතෙන්නට පුළුවන.

ඔවුනට, බොහෝ දෙනෙකුට ඇති නො වන උසස් අදහස් ඇති වන්නේ ය.

උස් අහස් වියනට යටින් වූ උසස් අදහස් නමැති සාගරය තුළ වෙසෙන අප නොදුටු විසල් මසුන් ද විටෙක ඔවුන් සොයා යන මහලු මිනිසුන් ද වන්නේ ඔවුන් ම  ය.

Artem Cheboha _____ ______ RHADS Tutt'Art@ (34).jpg222.jpg

වරංග ද සිල්වා

Advertisements