වරක් බීතෝවන්ට කුඩා දැරියක විසින් එවන ලද ලිපියකට පිළිතුරක් ලියමින් ඔහු මෙසේ සදහන් කර යැව්වේ ය.

4a11aed1fb432ffe05e1d9eb9a1c1860-jpg3333-jpg2“සංගීතය හෝ කිසියම් කලාවක් මතුපිටින් ස්පර්ශ නො කර එහි ගැඹුරු තැන් සොයා එම කලාවන් ප්‍රගුණ කරන්න. මක්නිසාදයත්, කලාව මිනිසා ව දේවත්වයට රැගෙන යන නිසාවෙනි.”

මෙතන දී දේවත්වය කියන සංකල්පය ගැන අදහස වාස්තවික යථාර්ථයක් තුළ අර්ථ ගැන්වූවත් එහි යම් සෞන්දර්යාත්මක ගැඹුරු බවක් ගම්‍යමාන වෙන නිසා එය අවශ්‍ය වුවහොත් පසු ව එය සාකච්ඡා කිරීමට තබා, වංගීසගේ ” ‘ජනප්‍රිය සංස්කෘතිය’ විවාදයෙන් පසුව සංගීතය ගැන” ලිපියෙහි ඇති කරුණු කීපයක් මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට කැමතියි.

සාමාන්‍යයෙන් අපි දන්න විදියට සරල අර්ථ දැක්වීමට අනුව අපේ හැගීම් සහ භාවයන් උද්දීපන වන අයුරින් ධ්වනි (Sounds) සකස් කිරීමේ කලාවට සංගීතය (Music)  යැයි කියනු ලැබේ. ධ්වනි (Sounds); නාද (Notes) සහ ශබ්ද (Noises) කියා කොටස් දෙකකට වෙන්කොට හදුනා ගන්න පුළුවන්. නාද යනුවෙන් සංගිත ධ්වනි ලෙසත්, ශබ්ද යනුවෙන් සංගීත නො වන ධ්වනි ලෙස මේ කොටස් දෙකට අයත්. මෙයින් නාද කියා කියන්නේ සංගීතකරණය සදහා භාවිත කරන සංගීත ස්වර බව අපි කවුරුත් දන්නවා. මූලික ව ම සංගීතයට අවශ්‍ය වෙන්නේ මෙම සංගීත ස්වර. නමුත් ශබ්ද ද (Noises) සංගීතකරණයේ දී අඩු වැඩි වසයෙන් භාවිතයට ගැනෙනවා.

බටහිර සංගීතයේ (Western Music) ව්‍යවහාරය වන ස්වර හැදින්වීමට A B C D E F G ඉංග්‍රීසි අක්ෂර යොදා ගනු ලබනවා. මෙම ස්වර තීව්‍ර කිරීමෙන් (Sharpen), කෝමල කිරීමෙන් (Flatten) විවිධ ස්වර රටාවන් සංගීතමය හැඩ රටාවකට සංගීතඥයන් විසින් සකස් කර ගනු ලබනවා. A ස්වරය තීව්‍ර කිරීමෙන් උපදවන ස්වරය තීව්‍ර A (A Sharp/A#) යනුවෙන් හැදින්වීම නිදසුනක් ලෙස ගත හැකියි. මෙම ස්වර අට අෂ්ඨකයක් (Octave) ලෙස අනුපිළිවෙලකට සකස් කිරීම සංගීත ග්‍රාමයක් (Musical Scale) ලෙස හදුන්වනවා. මෙලෙස ලය (Tempo), තාල (Time), සුසංගත ස්වර සංකලනය (Harmony). බහුස්වනය (Polyphony), වැනි සංගීත රටාවන් සංගීත ආකෘති තුළ විශ්ලේෂණය කළ හැකියි. මෙම සංගීත ස්වර විධිමත් ව සංවිධානය කරන්නා සංගීත රචකයා (Composer) බව අපි දන්නවා. මෙම මූලික මූලධර්මයන්ට අනුව සංගීතමය ආකෘති ශෛලීන්ට සකස් කිරිම සම්භාව්‍ය සංගීත රචකයින්ගෙ (Classical Composer) අනුපිළිවෙලයි.

tumblr_static_bwmr5gu101cs040kkckoooooo-jpg3333

මෙම සම්මත ආකෘතීන්වල පිහිටා සංගීත කෘති බිහි කළ විශිෂ්ට සමිභාව්‍ය සංගීත නිර්මාණ කරුවන් අතර ඉතාමත් විවාදයට ලක් වූ විශ්වීය  නිර්මාණ කරුවන් වූ යේ ජෝසෆ් හයිඩන්, ෆෙඩ්රික් හැන්ඩිල්, මෝසාට්, සෙබස්තියන් බාක්, සහ බීතෝවන් වගේ ශ්‍රේෂ්ඨයන් ය. මවුන් මෙම නිර්මාණයන් බිහි කළේ සංගීතය හා කලාව ඔවුන්ගේ ආත්මයේ හා පරිසරයේ ගැඹුරු සියුම් තැන් ස්පර්ශය කරමින් යම් දේව කාර්ය්‍යයක් කරන අයුරිනි. එම නිසයි බීතෝවන් අර පුංචි දැරියට සංගීතය හෝ කිසියම් කලාවක් මතුපිටින් ස්පර්ශ නො කර එහි ගැඹුරු තැන් සොයා එම කලාවන් ප්‍රගුණ කරන්න, මක්නිසාද යත් කලාව මිනිසා ව දේවත්වයට රැගෙන යන නිසා කියලා. මා මෙය කියන්නේ කලාවේ පදනමේ නියෝජනාත්මක සම්භාව්‍ය යුගය ගැනයි. එම යුගයේ බිහි වූ ශ්‍රේෂ්ඨ කලාකරුවන් සහ කලා සම්ප්‍රදායන් ගැන අවශ්‍ය වුවහොත් පසුවට සාකච්ඡා කිරීමට තියා වංගීස විසින් මතු කරන කරුණු කීපයකට අවධානය යොමු කිරීමට කැමතියි.

වංගීස ඇලේන් බදියුගේ Saturation කියන සංකල්පය උපයෝගි කරගෙන සංගීතය මෙන් ම අනෙකුත් දේශපාලන හා මිනිස් ක්‍රියාකාරකම් ගැන කර තිබෙන විග්‍රහය නිර්මාණශීලී මිනිස් සිතීමකට අපේ මනස රැගෙන යනවා කියල මට හිතෙනවා. Saturation කියන සංකල්පය පූර්ණ තෙතබරිත බව ලෙස පරිවර්තනය කිරීම සමකාලීන ධනවාදී සමාජ ක්‍රමයේ මිනිසාගේ මානසික ලෝකය මතුපිටට යටින් ඇති ජීවිතයේ නිස්සාර සාංකාමය ස්වරෑපය කියා පානවා. පූර්ණ තෙතබරිත බව කියන පාඨය බැලූ බැල්මට සාහිත්‍යමය කවිකාර යෙදුමක් ලෙස පෙනුනට එම ලස්සන ප්‍රකාශය මගින් කියවෙන්නේ මිනිස් සාරය අහිමි ප්‍රේම ගීතයක පාපයයි.

775f7b4bdf5f936195fec2072d332020-jpg333

මෙම පාපතර ප්‍රේම ගීතය සෘජුවම තේරුම්ගත නො හැකි බව සමකාලීන සරල මිනිසෙකුට නො තේරෙන බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය. දවසින් දවස ද්‍රව්‍යකරණය වෙන සංස්කෘතික කාන්තාරයක අතරමං වෙන මිනිසා ලෝකය තුළ පැවැත්ම සාධනය කරගන්නේ කෙසේ ද කියන ගැටලුව සොයා ගන්නේ කෙසේ ද කියන ප්‍රශ්නයට යම් සහනයක් වංගීසගේ ලිපියෙන් යෝජනා කරනවා. ආදරයේ, කලාවේ, හා දේශපාලනයේ සත්‍ය වටහා ගත හැක්කේ එම වතාවන් අත් විදින පාර්ශ්වකරුවෙකු ලෙස මිස එයින් පරිබාහිර විශ්ලේෂකයකු ලෙස නො වන බව පවසන එක සත්‍යයක්.

ඇත්තට ම වංගීස යෝජනා කරන්නේ මෙම අතාර්කික සමජ පැවැත්මෙන් විකල්ප සුසමාදර්ශ දයලෙක්තික දෙවන සිතීමේ බලයක් දෙශපාලනික ව අවශ්‍ය බවයි. එයට අවශ්‍ය පසුබිම් සැකැස්ම ඓන්ද්‍රීය මිනිස් ක්‍රියාකාරිත්වයක් තුළින් ගොඩනැගිය යුතු මෙන් ම එය ව්‍යුහාත්මක අනිවාර්ය්‍යතාවයක් බව පවසනවා.

මෙම ලිපිය හේතුකොටගෙන තව දුරටත් මට කලාව, දේශපාලනය, සහ සහ ආදරය ගැන බොහෝ දේ ලිවීමට ඇතිමුත් මෙය මා මෙතනින් අවසන් කරනවා, මෙම සංවාදය තව දුරටත් ඉදිරියට රැගෙන යාමට අවශය යැයි අප මිතුරෙකුට සිතනවා නම්, අපට බොහෝ දේ බෙදාගන්න හැකිවේ යැයි සිතනවා.

මම දැඩි ව විශ්වාස කරනවා, මිනිස් පැවැත්ම සාධනය කළ හැක්කේ වැඩවසම් අනුග්‍රහ ක්‍රමයෙන් (Patronage System) පරිබාහිර ව සිතීම වෙන්කරගත හැකි සමාජ රේඛාව අපි හරියට සළකුණු කරගත්තොත් විතරයි කියල. වංගීස කියන පරිදි ආදරයේ හා දෙශපාලනයේ විශ්වාසයේ පියවර තැබිය හැක්කේ එවිටයි.

සාලිය ඉදුරුවිතාන

Advertisements