15310543_227556774339087_727366543_n

ර්වෝ පාට් (Arvo Pärt) යනු සමකාලීන සංගීතයේ නොමැකෙන සලකුණක් තැබූ පර්යේෂණකරුවෙකි. යුරෝපීය සංගීතයේ ආරම්භක මූලයන් වෙත ගොස් එම ශබ්ද සම්කාලීනත්වය තුළ යළි අර්ථකථනය කළ අර්වෝ පාට් ගේ මෙම සංගීතය කාණ්ඩය නම් කර තිබෙන්නේ “Spiegel im Spiegel” යනුවෙනි. ‘කැඩපතක් තුළ ඇති කැඩපතක්’ ලෙස සිංහලට නැගිය හැකි මෙම අදහස මගින් නිර්මාණය කරනා රූපකය අපි හොඳින් දනිමු. ඒ තමයි කැඩපතක් ඉදිරියේ කැඩපතක් තැබූ විට අපට පෙනෙන අනන්ත වූ කැඩපත් එකතුව.

බස් වර්ජනයෙන් සමාජ සංචලනය සීමිත වූ, අපේ මේ පරිමිත ලෝකයේ සිට අර්වෝ පාට් ගොඩ නගන අවමවාදී අපරිමිතත්වය අසන්න. කලාව යනු අපගේ පරිමිත යථාර්ථය තුල අපරිමිතත්වයේ දෘශ්‍යමාන වීම කියා රොමෑන්ටිකවාදීන් යෝජනා කළේ මෙයට නොවේද?

Advertisements