assassin_s_creed__brotherhood___original_painting_by_elvishatheart-d8j5lx9නාට්‍ය කලාව සාමුහික කලාවකි. පොඩි දරුවකු පවා ඒ බව දන්නා බව අපි දනිමු. සාමාන්‍යයෙන් අප සිතන්නේ එසේය. සාමුහිකත්වය යනු කුමක්ද? පළමු වඅපි එය විසඳා ගත යුතුය. උදාහරණයක් ලෙස දක්වන්නේ නම්, තනි පුද්ගලයකු විසින් කළ හැකි හෝ නොහැකි කි‍්‍රයාවක් කණ්ඩායමක් මගින් කිරිම, ශ‍්‍රමදානයක් කිරීම, අවුරුදු උත්සවයක් පැවැත්වීම, කණ්ඩායමක් පොතක් කියවීම ආදි තත්වයන් අපට පෙන්වා දිය හැකි ය. සාමූහික ක්‍රියාකාරකමක මූලික ලක්ෂණය වන්නේ එහි අවසන් ඵලය සඳහා එයට සහභාගී වන සියලු දෙනාගේ දායකත්වයක් තිබීමයි. එතන තියෙන්නේ මහන්සි වීම් ගොඩක, බලාපොරොත්තු ගොඩක, සිහින ගොඩක එකතුවක්. හැබැයි මේ එකතුව හැදෙන්නේ කෑලි ගොඩක් ලෙස නෙමෙයි. එක තනි ඵලයක් ලෙස. නාට්‍ය කලාව මෙම සාමුහික කි‍්‍රයාකලාපයට දිය හැකි කදිම නිදර්ශනයකි. ඔබ අපි දන්නා පරිදි නාට්‍ය නිෂ්පාදනය කිරීමේ කි‍්‍රයාවලිය යනු ම එයයි.

දැන් මෙය කියවන යමකුට ප‍්‍රශ්නයක් පැන නැගිය හැකි ය. ඉහත සඳහන්කරන ලද කරුණු නොමැති ව නිර්මානයක් නිෂ්පාදනය වීමට නොහැකිද? ඔව් සමහරවිට නිර්මානය විය හැකි ය. කරුණුමය වශයෙන් විවිධ පර්යේෂණාත්මක උත්සාහයන් වේදිකාව නම් අත්දැකීම තුළ ඇති බව ඇත්තකි. එහි පෙන්වා ඇති සියලුම නාට්‍ය යනු සංඛ්‍යාත්මක ව එක්කෙනෙකුට වැඩි ගණනක් එකතු වී නිපදවූ ඒවා නොවිය හැකිය. නමුත් මට මතු කිරීමට අවශ්‍යය වන්නේ එය නොවේ. ප්‍රශ්නය වෙනස් එකකි. පොදුවේ ගත්කල වේදිකාව සහ සාමූහිකත්වය අතර සම්බන්ධයක් ඇති බව බොහෝ දෙනෙකු ප්‍රතික්ෂේප නොකරනු ඇත. අවම වශයෙන් වේදිකා නාට්‍යක් ප්‍රසංගනය වන විට නරඹන්නෙක් හෝ සිටිය යුතු වේ. එය මගින් ඉතා ඍජුව පුද්ගලත්වය ඉක්මවා යන සම්බන්ධයක් යෝජනා කරයි. ඇලේන් බදියූ ප්‍රේමය පසසනු වස් කෘතියේ එක් තැනක සඳහන් ව තිබුණු පරිදි ම වේදිකාව යනු සහෝදරත්වයේ සෞන්දර්යාත්මක ප්රයකාෂණයයි.

මට පෙන්වා දෙන්න අවශ්‍ය වන ප්‍රශ්නය වන්නේ මෙම සාමුහිකබව යනුවෙන් අපි ඔබ හදුන්වන නාට්‍ය කලාව ඒක පුද්ගල උන්නතිය වෙනුවෙන් පෙනිසිටිමයි. සරලව දක්වන්නේ නම්, අර නාට්‍ය කරලා තියෙන්නේ අරයනේ, මේ නාට්‍ය කරලා තියෙන්නේ මෙයා යනුවෙන් අපි කොතෙක් සදහන් කර ඇතිද? අධ්‍යක්‍ෂයන භූමිකාව මෑත කාලීනව ගොඩනැගුණු ආස්ථානයකි. අධ්‍යක්‍ෂකට පෙර නඵවන් මෙහයවනු ලැබුවේ වේඳිකා පාලක විසිනි. (බලන්න, සොඳුරු අඥාදායකයා, සිල්වා සුගතපාල, පිටුව 19. නාට්‍යයක පිටපත සමහරවිට වෙනත් අයකුගේ විය හැකි ය. නමුදු එය නිෂ්පාදන කි‍්‍රයාවලියක් ලෙස පේ‍්‍රක්ෂක හමුවට ගෙන එනු ලබන්නේ සමූහයකගේ කාර්යන් තුළිනි. නළුවන්, වේඳිකා පාලක, සංගිතඥයන් ආදි විශාල පිරිසකගේ දායකත්වය මත හෝ අවම වශයෙන් නළුවකුගේ දායකත්වය මත එය නිෂ්පාදනයක් ලෙස ගොඩ නැංවෙයි.

දැන් මා මතු කර දක්වන්නේ මෙම තත්වය තුළ දි නිෂ්පාදනකට හෝ නාට්‍ය නිර්මානකරුවාට සමූහයක් වෙනුවෙන් පුද්ගල කේන්ද්‍රීය ව නැගිසිටිය හැකි ද යන්නයි. වර්තමානය වන විට මෙම තත්වය උග‍්‍ර ප‍්‍රශ්නයක් ලෙස දැකිය හැකිය. මා දැඩිව විශ්වාස කරනවා එවිට නාට්‍ය කලාවේ අක්මුල් විසන්ධි වි යා හැකි බව. මන්ද නාට්‍ය කලාව අප කළ යුත්තේ පුද්ගලත්වය ඔසවා තැබිමටද? සුගතපාල ද සිල්වා තම සොඳුරු අඥාදායකයා කෘතියෙහි මෙලෙස දක්වයි. ”නාට්‍යක් කළ පසු හොඳ පමණක් ඇසීමෙන් මම නම් බිය වෙමි. මන්ද එම තත්වය පවත්වා ගෙන යන්නට හැමවිටම සීරුවෙන් සිටිය යුතු හෙයිනි”.

තම තමන්ගේ තත්වය ඔසවා තැබීමට පමණක් හෝ පුද්ගල උන්නතිය වෙනුවෙන් පමණක් නාට්‍ය කලාව කළ යුතුද? එවිට එහි සාරය ගිලිහී නොයන්නේද? නාට්‍ය කලාව සහ කොමියුනිස්ට්වාදය අතර සම්බන්ධයක් තිබෙනා බව බදියූ වරක් කියා සිටියේ මේ සාමූහිකත්වය නිසාය. එසේනම් නාට්‍ය සහ පුද්ගලවාදය අතර බිහි වෙන මේ නව සන්ධානය අප නම් කළ යුත්තේ වේදිකාවේ නව ලිබරල්වාදය ලෙසද? සකල දේශවාසි සොඳුරු නාට්‍යකරුවන්ගෙන් අපි ඇසිය යුතු ප්‍රශ්නය මෙයයි.

දසුන්අඹවලගේ

Advertisements