16010566_1286639598083458_632243633_o

කිසිදු සද්දයක්, කිසිදු තට්ටු කිරීමක්, කිසිදු බාධා කිරීමක්, කිසිදු කෙනිත්තීමක් වත් අවම වශයෙන් ප්‍රකාශමානීය තලය හි කිසිදු හේතුවක් නොමැති ව පෙර නොපරිදි ලෙස මා අතින් අද අවදිවීමක් සිදුවීම ප්‍රශ්න කරගත යුතු වෙලාවක් බවට සනිටුහන් කරන්නකි. එය මා “නොනැගිටෙන පාන්දරක් “ ද නොවේ.” මේත් යම් කිසි අවුරුද්දක ජනවාරි මාසයක් නේද” මෙය මා නිරුත්සාහකව ම අසාගත් ප්‍රථම ප්‍රශ්නය වුවද මෙය මාව ම රවට්ටාගත් ප්‍රශ්නයක් රෝගී තත්වය ඉදිරිපිට පෙන්නුම් කළ ප්‍රශ්නයක් වූයෙ ජනවාරිය ද අනෙක් මාස මෙන් ම මතක පථයෙන් ගිලි නොහෙන තරමට ඇණ ගැසූ මාසයක් ම වීමයි. 2010 ජනවාරිය යනු මිනිසෙක් ව හොරු අරන් ගිය මාසයක්. එලෙස කස්සා (හීනටිගල) ඔහුගෙ සයිබර් ඉඩෙහි ලියා තැබුවා මට අමතක නැත.

පවතින දේශපාලන පද්ධතියෙ හි නරුමවාදි හැසිරීම්වලිය ට එරෙහිව කරනා වූ අරගලයන් සදහා කඩදහිය බ්ලොග් අවකාශ වැනි මාධ්‍යන් හරහා කරන කාර්‍ය්‍යය න් හි බර අමතක කළ නොහැක. පවතින ධනේශ්වර යාන්ත්‍රනය ට විරුද්ධ ව කඩදහිය සයිබර් ඉඩ හරහා කරුණුමය ලෙස බලපෑම්සහගත පහරදීම් සිදුකරමින් අරගලකාරී කාර්‍ය්‍යභාරයක් සිදුකළ මිනිසුන්ව මේ යාන්ත්‍රනය විසින් ඉවත්කරලීම ජනවාරි මස පමණක් නොව සෑම මසකදීම නැවත නැවත අපට මතක් කරවන කරුණකි. 2010 වසරෙ ජනවාරි මස දී පැහැරගෙන තවමත් කිසිදු සාක්ෂියක්වත් නොමැති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ එ් වගෙම 2006 ජනවාරි මාසයෙ දී ඝාතනය කරන ලද සුබ්‍රමනියම් සුගීර්ධරාජන් හෙවත් 2006 ජනවාරි මස 2 වැනිදා ත්‍රිකුණාමලයෙ දී පාසල් සිසුන් පස්දෙනෙක් ඝාතනය කිරීම සදහා යුධ හමුදාවෙ ඇති සම්බන්ධය හෙළිදරව් කළ “සුඩර් ඔලි” පුවත්පතේ ත්‍රිකුණාමලයේ වාර්තාකරුගේ ඝාතනය ද ජනවාරියේදී සිදුවූවකි.

ජනවාරිය තුළින් නැවත මතක් කරවන ලසන්ත එ් වගේම වෙලිච්චම්, ඊලනාඩු, නිලාම්, කලචුවඩු, ඊලනාදන්, වීරකේසරී, උදයන්, යාල් තිනක්කුරල්, වාලම්පූරි වැනි පුවත්පත්වල සේවය කළ චන්ද්‍රබෝස් සුදාකර්, සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් , සෙල්වරාසා රජීවර්මන්,ගනනාදන්, ඉසෛප්‍රියා හෙවත් ශෝබා එ් වගෙම “ටැමිල් නෙට්” වෙබ් අඩවියෙහි සංස්කාරකවරයෙක් ලෙස කටයුතු කළ “ඩේලි මිරර්” වැනි පුවත්පත්වලට තීරු ලිපි ලියූ ධර්මරත්නම් සිවරාම් වැනි තවත් සදහන් නොකළ පෑන, යතුරු ලියනය අරගලය සදහා උර දුන් අවි බවට පත්කරගත් මිනිසුන් ගෙ අහිමි වීම නැවත මතක් කරවන අතර ඒත් සමගම දැන්වත් අපගෙ බෙලහීන විශාදිමය රෝගී තත්වයන් සුව කරගන්නා ලෙස කියයි.

යම් කලාකරුවන්, යම් මාධ්‍යවේදීන් ඔවුන් ඔවුන්ගෙ සාමූහිකයන් හරහා යම් ඡන්ද අපේක්ෂක පිලකට නැඹුරු වී එපිළෙහි ඡන්ද දායකයන් බවට පරිවර්තනය වී එ අපේක්ෂක පිල විසින් ඉදිරිපත් කළ යම් යම් පිරිසිදු ප්‍රතිපත්ති සුජාතකරණය වන තුරු නිශ්චිත ව බලාසිටීම ම ඊනියා පමණක් බව නැවත අමතක කරගැනීම දේශපාලනික පරිසරය තුළ නොකියවා ගැනීම නම් හේතුව ප්‍රකාශ කරයි.2010 ජනවාරි මාසයෙ අතුරුදහන් වූ ප්‍රගීත් එක්නැළිගොඩ වැනි මාධ්‍යවේදීන්ට සහා ඝාතනය වුණ අනෙකුත් මම ද මෙහි ඉහතින් සදහන් කළ හා තවත් නොකී එවැනි මාධ්‍යවේදී න්ට සාධාරණය ඉෂ්ට කරදෙන බවට පොරොන්දු ප්‍රතිපත්ති ප්‍රින්ට් කර පාරවල් පුරා බෙදාදීමේ සිට මාධ්‍ය හමු හා වේදිකා මත කෑ ගසාකීම් දක්වා සිදු කර 2015 ජනවාරි 8 වෙනිදායින් පසු හයවන ජනාධිපති ලෙස දිවුරුම් දී පත්වුණ මෛත්‍රීපාල සිරිසේන විසින් ඉන් කලකට පසු මාධ්‍යවේදී ප්‍රගීත්ගෙ නඩුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට හමුදා බුද්ධි අංශ නිලධාරීන් කීපදෙනෙකු ව අත්අඩංගුවට ගැනීම පිළිබද ව දැඩි අප්‍රසාදය හා පිළිකුල ප්‍රකාශ කරන බවත් තවත් එවැනි ම සුපුරුදු ලෙස පූර්ව අවදියට වඩා හාත්පස වෙනස් ප්‍රකාශ පශ්චාත් මැතිවරණ කාල පරිච්ඡේදයෙ සිදුවුණි.

මෙම ඇස්බැන්දුම්වාදි රාජ්‍ය යාන්ත්‍රනය හි ප්‍රමේයගත පද්ධතිය පිලිබද ව දාර්ශනික කියවීම් තුළින් විවේචනය කරන ප්‍රංශයේ සිටින “ඇලන් බදියු” (Alain Badiou) නම් චින්තකයා ව මග හැර යා නොහැක. “Being & Event” වැනි කෘති රචනා කරන ලද බදියු විසින් ඔහු ලියූ “Meaning of Sarkozy” නම් කෘතිය තුළිනුත් ඔහුගෙ දේශන තුළිනුත් ධනේශ්වර රාජ්‍ය නම් ව්‍යුහයහි පවතින තන්තු මූලයන් තර්කනයට බදුන් කරයි. වංගීස සුමනසේකර විසින් පරිවර්තනය කළ බදියු ගෙ “Meaning of Sarkozy “ කෘතියෙ පළමු පරිච්ඡේදයේ ඇතුළත් මාඕ සේදොන් කළ දිගින් කුඩා ප්‍රකාශයක් මම මෙහි උපුටනු ලබනවා. “ඔබේ මායාවල් ප්‍රතික්ෂේප කරන්න, අරගලයට සූදානම් වන්න” ලෙසයි. ඔහු කියා තිබෙන්නා වූ මේ මායාව යනු කුමක්ද?. සරල අර්ථයක් ගර්භිත නැති මෙ ප්‍රකාශයෙ සදහන් මායාව යන්න තන්තුවලට ඡේදනය කරමින් සද්භාවවේදි (Ontological ) කියවීමකට ඇලන් බදියු ඔහුගෙ කෘතියෙ හි ලක්කරනවා. මම එම කෘතියෙහි පරිවර්තන කෘතියෙන් උපුටා ගත් මීට බොහෝ සෙයින් වැදගත් කොටසක් පහතින් ඇත.

“මායාවේ ව්‍යුහය සහ එහි අනාගතය. මහජන දිශානතිහරණය මගින් ගොඩනැගෙන ඕනෑම හැඩයකට ඇඹිය හැකි අමුද්‍රව්‍ය මගින් දේශපාලන තෝරාගැනීමේ ප්‍රෝඩාකරී දෘෂ්‍යමානය නිර්මාණය කරන්නේ රාජ්‍ය බව නොදැකීම මායාව වේ. අද වන විට භීතියේ ආවේදන වලින් පමණක් සමන්විත වන මෙම දෘෂ්‍යමානයේ මෙහෙයුම ක්‍රියාකිරීම පමණක් ඡන්දය ලෙස හදුනාගත හැකි ය. කෙටියෙන් කියනවා නම්, මූලික දිශානතිහරණයක් මත පිහිටුවා ඇති තෝරාගැනීමෙ ප්‍රභන්දමය ස්වරූපය වන්නේ ඡන්දය යි.”

මායාව යන්න මායාත්මක පැවැත්මක් ලෙස දැක කොන්දේසි විරහිත ව ප්‍රතික්ෂේප කිරීමට අපෝහනය කළ යුතු ය. මේ ආකාරයට නැවත නැවතත් පෙන්නුම් සැබෑ තෝරාගැනීමක් සද්හාව අවකාශයක් ලබා නොදෙන අන්තවාදී කතිපයාධිකාරිත්වයකට දිශානති වුණ අනාගතයකට උරුමකම් කියන මැතිවරණ ප්‍රජාන්තන්ත්‍රවාදය බදියු විසින් පවා ප්‍රකාශනය කරන අතර, මෙහි අඛන්ඩ ගැටලුකාරිත්වය ප්‍රෝඩාකරීත්වය හමුවේ ඉහත දීත් කියූ පරිදි රෝගි බව දැන් කේන්ද්‍රගත කළයුතුය. විවිධාකරයෙන් සිදුකරන රාජ්‍යය හි මර්ධනකාරි හැසිරීම් ප්‍රෝඩාකාරී ක්‍රියාවලියන් හමුවේ බෙලහීන හා දුබල ලෙස රෝගි වුණ සියලු මිනිසුන් සුවපත් කළ යුතුය. රෝග විනිශ්චය කළ යුතු ය. මේ පිළිබදව බදියු ගෙ Meaning of Sarkozy කෘතියෙ ද දැක්වේ. එහි ලැකෝන් (Lacan) ගෙන එන විශ්ලේෂීය සුවකිරීම (Analytic Cure) යන්න මෙහිදි බොහෝ සේ වැදගත් වන බව බදියු ඔහුගෙ ලිවීම තුළ දක්වයි. මේ අයුරින් අප සියල්ලන්ටම වැළදි තිබෙන විශාදිත රෝගය සුව කරගත යුතුය. මෙහිදි බදියු ලැකෝන් ගෙ කියූවක් උපුටයි එනම්, සුවකිරීමේ අරමුණ විය යුත්තේ බෙලහීනතාවය වියනොහැකිභාවය දක්වා ඔසවා තැබීමයි. රෝගීත්වය මායාකාරිත්වය දැන්වත් හැදිනගැනීම ඇරඹීමට අලුත් ලෙස බෙදුම් රේඛා ගසාගත් මෙ අවුරුද්දේ සිතට ගමු.

මෙවන් කුඹුරක් මැද ඉදන් අත් උස්සලා හයියෙන් “සුබ අලුත් අවුරුද්දක් වේවා” කියනවා වගේ කියාගත හැකි ද ?

-ප්‍රබුද්ධ දික්වත්ත-