schema_1-monique-stobienia

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඇලේන් බදියූ විසින් කරන ලද දේශනයක් පසුගියදා “බව” හී පළ විය. අපගේ ලෝකයේ තිබෙනා ඇති-නැති පරතරය සන්දර්භගත කරගැනීම සඳහා ඔහු විසින් ලබා දුන් සංඛ්‍යා දත්තයක් වූයේ මෙයයි:

මේ ලෝකයේ සිටිනා ධනවත්ම පුද්ගලයන් 265 දෙනාගේ අදායම තවත් මිනිසුන් බිලියන තුනකගේ ආදායම හා සම විය.

නමුත් මෑතකදී ඔක්ස්ෆෑම් ආයතනය මගින් පළ කර තිබෙන නව වාර්තාවකට අනුව ගත්විට සැබවින්ම පවත්නා යථාර්ථය මෙයටත් වඩා බිහිසුණු බව දැන් හෙළිව තිබේ. ඊයේ ‘ද ගාඩියන්’ පුවත්පතේ වෙබ් අඩවියේ පළ වූ තොරතුරු වලට අනුව අද ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 8 දෙනාගේ ආදායම මේ ලෝකයේ මිනිසුන් බිලියන 3.6 ට සමාන වෙයි.

ගාඩියන් වෙබ් අඩවියේ මෙම වාර්තාවට මෙතනින් පිවිසෙන්න.

‘ධනවාදය පිළිබඳ මාක්ස් ගේ ප්‍රවාදය කුමක්ද?’ ලිපි මාලාව කිසිවෙකුට එරෙහිව සිදු කරනා අපගේ බුද්ධිමය චන්ඩි කමක් නොව අයුක්තියට එරෙහි අරගලය වෙනුවෙන් අපගේ කුඩා එකතු කිරීමක් පමණක් වන බව තවදුරටත් පැහැදිළි නොකළ යුතුයැයි සිතමු.

ප.ලි.

අද ඇලේන් බදියූ ගේ 80 වැනි උපන්දිනය. පවත්නා යථාර්ථය ස්වභාවික ලෙස බාර ගන්න කියා අපට බල කර සිටිනා සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ‘අලුත් පරපුරක්’ සිටිනා ලෝකයක ‘සිදුවීමේ’ පරම හැකියාව පිළිබඳව ඔබ ලබා දුන් බුද්ධිමය ධෛර්යය ට පින්!

Advertisements