f503c61635a6347d01b46a401a6cff0e

පහතින් පළ වන්නේ ප්‍රවීන නාට්‍ය රචක කේ.බී. හේරත් අතින් පරිවර්තනය වුණු හැරල්ඩ් පින්ටර්ගේ අදහස් ගොනුවකි. අද දවසේ නාට්‍ය රචනය ඇගයීමට පාත්‍ර වන ආකාරය සහ නාට්‍ය රචනා සිදු වන ආකාරය තුළ ඒවායේ ගුණ අගුණ පිළිබ‍ද ප්‍රේක්ෂකයාගේ විචාරක්ෂිය තීව්‍ර කිරීමටත්, නාට්‍ය රචකයන්ට අලුතින් සිතා බැලීමටත්, මධ්‍යම පන්තියේ මිණුම් දඬු අනුව කියන්නේනම්‘නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභියෙකුගේ’අදහස් දැන ගැනීමටත් මෙම ලිපිය හරහා හැකි වනු ඇත. නාට්‍ය රචනයක් අගය කරන්නේ කෙසේද කියන කරුණ පිළිබඳව යහපත් සාකච්ඡාවක් මෙහි දැක ගත හැකි වේ. මෙරට සමකාලීන රචනයන් පිළිබද පවතින අධිපතිධාරී හා රාජ්‍ය, යෞවන නාට්‍ය උළෙල විනිශ්චය කරන නාට්‍ය කලාවේ කෙළ පැමිණි සහෘදයෝ ද මෙය කියවා තම විනිශ්චයන්ගේ ගුණාත්මක මට්ටම පිළිබඳව අවංක තක්සේරුවකට පැමිණෙන්නේනම් එය යහපත් වේ කියා අපි සිතමු.

***

හැරල්ඩ් පින්ටර් – වේදිකාවට නැතිව බැරි මිනිහෙක්

රංග කලාව අති විශාල වූ ද ප්‍රාණවත් වූ ද මහජන ක්‍රියාවලියකි. මට අනුව නම් ලිවීම යනු පුද්ගලික දෙයකි. කවියක් නාට්‍යයක් කියා එහි ඇති වෙනසක් නැත. වෘත්තිමය රංග කලාව කවර ගුණාත්මක කමක් අයත් කරගෙන ඇතත් එය ව්‍යාජ කූටප්‍රාප්ති, සැලසුම් සහගත ආතතිය, උමතුව හා විශාල ප්‍රමාණයක නොහැකියාව සහිත ලෝකයකි. එහෙත් මම ලියන දෙය එයට අදාළ වනවා මිස වෙනත් දෙයක් හා බැදීමක් නැත. මගේ වගකීම ඇත්තේ ප්‍රේක්ෂකයින්, විචාරකයින්ට, නිශ්පාදකයින්ට, නළු නිළියන්ට නොව මා අතේ ඇති නිර්මාණයට පමණයි. නිශ්චිත අර්ථ දැක්වීම පිළිබද මම ඔබට අනතුරු අගවමි. මගේ නිර්මාණය මේ දැන් හැදූ එකකි.

මම සාමාන්‍යෙයන් නාට්‍යයක් පටන් ගන්නේ සරල ආකාරයට ය. කිසියම් විශේෂ ස්ථානයක එකට සිටින චරිත දෙකක් මට හමුවෙයි. මම ඔවුන් දෙදෙනා කියන දෙයට සවන් දෙමි. මට අනුව නම් අන්තර්ගතය සංයුක්තය. චරිතය සංයුක්තය, සුවිශේෂය. මම කිසි විටෙක වියුක්ත අදහසකින් හෝ න්‍යායක් අනුව නාට්‍යයක් පටන් ගෙන නැත. මම කිසි දිනෙක මගේ චරිතයක් මරණයේ ඉරණමේ, සුරලොවේ වෙනත් දෙයක් පිළිබද පණිවුඩකරුවන් බවට පත් කර නැත. වෙනත් අයුරකින් කියන්නේ නම් ඔවුන් මොනම බලවේගයකවත් අන්‍යාලාප නියෝජිතයන් නොවේ. කිසියම් චරිතයක් සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට අසමත් වූ විට ඔහු සංකේතාත්මක ස්ථානයක තබා සුරැකිය යුතු වෙයි. මේ ආකාරයෙන් එම චරිත විචාරයින්ගෙන් හෝ ප්‍රේක්ෂකයින්ගෙන් දුම්වලාවකින් වසා තැබීමෙන් කෂණිකව හදුනාගැනීමෙන් හා සක්‍රිය සහභාගීත්වයෙන් වළක්වා ගත හැකි ය.

සමහරු අපි හදුනා ගැනීමේ ලේබල් අපට සවි කළත් අප එසේ හදුනා ගත නොහැක. අපේ සහ අපේ අනෙකාගේ අත්දැකීම් අනුව අප හදුනා ගැනීමේ ආශාව තේරුම් ගත හැකි වුවත් එය සෑම විටම සතුටුදායක නොවේ. යථාර්ථය හා යථාර්ථය නොවන දෙය අතර වෙනසක් නැති තරම් බවට මම යෝජනා කරමි. සත්‍ය යමක් හා අසත්‍ය යමක් ද එසේ ය. යමක් සත්‍ය මෙන්ම අසත්‍යය ද විය හැකි ය. අත්දැකීම් සියුම් වන තරමට එය ප්‍රකාශ කිරීම ද දුෂ්කර වෙනු ඇත.

අප මුහුණපා සිටින ප්‍රබල දුෂ්කරතාවයක් නම් අතීතය පැහැදිලි කිරීමයි. වසර කිහිපයක අතීතය නොව ඊයෙ හෝ අද උදේ සිදු වූ දේවල් ගැන සත්‍ය වශයෙන්ම සිදු වූයේ කුමක්දැයි තේරුම් ගැනීම දුෂ්කරය. සමහර විට දැන් සිදුවන දේ අපට සියල්ල අමතක වෙයි. අප ඒ වෙනුවට අද පවතින ව්‍යාජ ලක්ෂණිකයන් වැළද ගනිමු. යමක උපත සිදුවන මොහොතකම එය විනාශ කොට විකෘති කරනු ලබයි.

නාට්‍යකරුවෙක් කවර අනුශාසනාවක් යටතේ හෝ අවසාන අංකයේදී තම චරතවලට ප්‍රතිකර්ම හෝ පසුතැවීම් එක් නොකළ යුතුය. එනම් අවසාන විසදුමක් හෝ විසර්ජනයක වෙනුවෙන් එසේ කිරීම නුසුදුසු බවය. විකාශණය වන චරිතලවලට බලහත්කාරයෙන් පැහැදිලි සදාචාර ලේබල ඇලවීම සුදුසු නොවේ. එසේ ලේබල් එල්ල කළ විට ඒවා නාට්‍ය නොව හරස් පද ප්‍රෙහේලිකාය.

වර්තමාන නාට්‍යවල පැහැදිලි අදහසක් තිබිය යුතු බව බොහෝ අයගේ අදහස වී තිබේ. ඔවුන්ට අනුව නාට්‍ය රචකයා අනාගත වක්තෘ කෙනෙකු විය යුතුය. අනතුරු ඇගවීම්, දේශනා, පණ්ඩිත කතා, දෘෂ්ඨිමය අනුශාසනා, සදාචාර විනිශ්දයන්, සැලසුම්ගත විසදුම් සියල්ල අනාගත වාක්‍යයන්ය. ඒවායේ අදහස නම් “මම ඔබට මෙසේ කියමි” යන්නය.

මට අනුව නම් මගේ චරිතලවට මගේ වාරණයක් නැතිව හැසිරිය හැකි ය. එහෙත් අපට අපේ වඩා කැමති දේ අවදාරණය කළ හැකි ය. Life යන්න ලොකු L එකක් සහිතව ලිවීම කුඩා l සහිතව ලිවීමට වඩා වෙනස් ය. එහෙයින් යහපත් අබිලාශය, ත්‍යාගශීලී බව, පරාර්ථකාමී බව කෙරෙහි වැඩි කැමැත්තක් තිබිය හැකි ය. එහෙත් සදාචාර ප්‍රත්‍යකෂයක් වැළද ගැනීමට බල කරන්නා ගැන පරිස්සම් විය යුතුය. සක්‍රීය නිශ්චිත චින්තනය, හිස නිර්වචනය හා සුලභ යෙදුම්වලට හිර ගෙවල් ය. එවැනි අය වචන පිළිබදව ද දැඩිව විශ්වාස කරති. එහෙත් වචනවලින් අපට අවශ්‍ය දේ කිව හැකි දැයි මට සැක සහිතය. මම නාට්‍ය 09 ක් ලියා ඇත්තෙමි. මට අනුව නම් ඒවා විවිධාකාරයේ අසාර්ථකවීම් ය.

පරිවර්තනය – කේ. බී. හේරත්

Advertisements