මේ දිනවල ශ්‍රී ලංකාවේ ෆෙඩරල් රාජ්‍යය ක්රමයක ට එකඟ වන ඉතා සුළු කිහිප දෙනෙක් ගෙන් මම ත් අයෙකු වී සිටින නිසා බොහෝ දෙනා මාගෙන් ඊට මුල්වන දෙමළ නිජබිම පිළිගන්නවද යයි ප්‍රශ්න කරති. කෙසේ වුවත් ඉන් සමහර දෙනා මේ ගැන ප්‍රශ්න අසන්නේ අවංක ව මගේ පැත්තෙන් කීමට ඇති දෙයට ඇහුම්කන් දීමට ඇති වුවමනාව ට නොවන අතර ඔවුන් ට අවශ්‍යය, ඔවුන් දැනටමත් නිජබිම ලෙස ඔවුන් විශ්වාස කරන ඔවුන් ගේ කතාව මගේ එකට වඩා මාරයි කීමට ය. එවැනි නිෂ්පල සංවාද වල නිරත වෙමින් කාලය කා දැමීම තේරුමක් නැති නිසා එවැන් අවස්ථා බොහොමයක් මම මග හැර ගියෙමි. නමුත් ඒ ගැන මේ කතා කළ යුතු ම මොහොතයි. එය කොටස් කීපයකින් ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි. එහි මුල් කොටස ලෙස මෙලෙස නිජබිම යන සංකල්පය ගැන අදහසක් ගොනු කිරීමට කැමති ය. ඉන්පසුව ජාතිය සහ ෆෙඩරල් ක්‍රමය ගැන යම් කිසි පැහැදිලි කිරීමක් කිරීමට ද බලාපොරොත්තු වෙමි.
“උතුර දෙමළා ගේ නිජබිම ද?” යන ප්රශ්නය ඇසීමට පෙර නිජබිමක් යනු කුමක් ද කියා තේරුම් බේරුම් කර ගත යුතු ය. “නිජබිම” සහ ඊට සම්බන්ධ වන “ජාතිය” යන සංකල්ප තරම් නිශ්චිත අර්ථ විග්රහයක ට හසු කරගත නොහැකි සංකල්ප ඇත්තේ ද නැති තරම් ය. කෙසේ වෙතත් නිජබිම යන සංකල්පය අවිනිශ්චිත වුවත් යම් කිසි රාමුවකට කොටු කර අපට එය තේරුම් ගත හැක. එය කළ හැක්කේ නිජබිම යනු මෙයයි කීමට වඩා දැනට ලෝකයේ පවතින නිජබිම් ලෙස සලකන ප්‍රදේශ කෙබඳු ද යන ප්රශ්නය ට පිළිතුරු දීමෙනි. එය අඩුම තරමේ අර්ථ දෙකකින් භාවිතා වේ. එක අර්ථයක් නම් ජාතියක් වීමට සුදුසුකම් ලැබීමට ඇති මූලික සුදුසුකමක් ලෙස සහ අනෙක රටක පුරවැසිභාවය ට හිමිකම් කීමය. බොහෝ අය අපෙන් දෙමළා ගේ නිජබිම ලෙස ප්‍රශ්න කරන්නේ මෙම පළමු අර්ථ දැක්වීම ට අදාලව ය. එය මම තේරුම් ගන්නේ මේ ආකාරය ට ය.
“යම්කිසි නිශ්චිත සංස්කෘතියක ට අයත් යයි සලකාගන්නා ජන කොට්ටාශයක් පරම්පරාගත ව යම්කිසි භූමියක ජීවත් වී එහිම මුල්බැසගෙන ජීවත් ම නිසා, ආත්මීය ව බැඳී ඇති එම භූමිය ඔවුන් ගේ නිජබිම ලෙස හැඳින්විය හැක.”
දැන් මේ අදහස අප තවදුරටත් තේරුම් ගන්න උත්සාහ කරමු. මම දැනට ජීවත් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. මෙහි පුරවැසිභාවය ලබා ගනිමින් මෙහි ඉඩම් මිලදී ගෙන ජීවත් වන සිංහල පවුල් බොහෝ ගණනක් වේ. පුරවැසිභාවය කෙසේ වෙතත් එම පිරිස් තම නිජබිම ලෙස පිළිගන්නේ ශ්‍රී ලංකාව යි. ඔවුන් මෙහි ජීවත් වුව ද ඔවුන් ගේ පරම්පරාගත පවුල් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ ය. ඔවුන් ගේ නිවෙස්වල භාවිතා වන්නේ බොහෝ විට සිංහල භාෂාවයි. කොටින්ම කිවහොත් ඔවුන් ගේ ජීවිතය ම ගෙවෙන්නේ ශ්‍රී ලංකාව ඔලුවේ තියාගනිමින් ය. ශ්‍රී ලංකාවේ ජාතික ප්රශ්නයේ දී ඔවුන් වඩා සංවේදීව හැසිරේ. එලෙසම ඕස්ට්‍රේලියාවේ ද ජීවත් වන මෙවැනි ම පිරිස් ක්‍රිකට් තරඟය කදී සහය දක්වන්නේ ශ්‍රී ලංකාවට මිස ඔස්ට්‍රේලියාවට නොවේ. කෙසේ නමුත් කිව යුතු වැදගත් ම දෙය නම් මේවා “ශ්‍රී ලංකාව ඔවුන් ගේ නිජබිම වීමට” අවශ්‍යය කරුණු ලෙස මා ඉදිරිපත් නොකරන අතර නිජබිම තෘප්ත කරන ලද කරුණු මේවා යයි කියා අපට නිශ්චිත කරුණු ඉදිරිපත් කළ ද නොහැක. මේවා ලංකාව එම සිංහල ජනයා ගේ නිජබිම බව ට දෘශ්‍යමාන වන “ප්රකාෂමානවීම්” ය. මෙහි දී එන වැදගත් ම කරුණ නම් එම ජනයා “ශ්‍රී ලංකාව තම නිජබිම” යයි පරිකල්පනය කිරීමයි. නිජබිම යනු කුමක්ද යන ප්රශ්නය ට දිය හැකි කෙටිම හැඳින්වීම මෙයයි.
දැන් මෙම අදහස් දැක්වීමට විරුද්ධව මතු විය හැකි අදහස් කෙරෙහි ද අප අවධානය යොමු කරමු. මීට එරෙහිව මතු විය හැකි ප්‍රධානම විවේචනය නම් “එහෙම නං දැන් ඕනෑම කෙනෙක් ට ඕනෑම රටක ට ගොස් මෙය මාගේ නිජබිම යයි පරිකල්පනය කළ පමණින් එය ඔවුන් ගේ නිජබිම වන්නේ ද?” යන්න. මේ ප්රශ්නය අසන්නේ ම නිජබිමක් ඇති වන්නේ ඇයි යන ප්රශ්නය ගැන අවබෝධයක් නැති නිසා ය. ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවේ ගිය පුද්ගලයෙක්ගේ කෙදිනකවත් ශ්‍රී ලංකාව ට ඇති ආත්මීය බැඳීම නැති වන්නේ නැත. ඊට හේතුව ඔහු ඔහු වන එම සිංහල අනන්‍යතාවය, ජීවත් වන තැන මාරු කළ පමණින් නැති නොවන නිසාය. එසේ ඔවුන් පරිකල්පනය කරන්නේ නම් ඔවුන්ගෙන් අර මා මුලින් කී ප්රකාෂමානවීම් දක්නට ලැබේ. නමුත් ප්‍රායෝගිකව එසේ වන්නේ නැත. බොහෝ විට එවැනි සංක්‍රමණය වන මා දැක ඇති සිංහල ජනයා තම වටපිටාව තමා ජීවත් වූ සිංහල සංස්කෘතිය ට ගැලපෙන ලෙස වෙනස් කිරීමට මාන බලයි. ඊයේ මාගේ මිතුරියක් මට කියන ලද්දේ ඇමරිකාවේ සිටින බොහෝ ශ්‍රී ලාංකිකයින් වඩ වඩාත් බුදු දහමට සහ සිංහල සංස්කෘතියට නැඹුරු වී ඇති බවයි. ඒ ඔවුන් ගේ නිජබිමට ඇති ආත්මික සම්බන්ධය නිසා ය.
දැන් මගෙන් අසන ප්රශ්නය ට ලෙහෙසියෙන් ම පිළිතුරු දිය හැක. උතුර දෙමළා ගේ නිජබිම ද? මගේ පිළිතුර ඔව්. එය දෙමළා ගේ නිජබිමයි. දෙමළා වෙන ම රටක් වෙනුවෙන් සටන් කළේ එය ඔවුන්ගේ නිජබිම නිසා වෙනි. තම නිජබිම යයි විශ්වාස කරන භූමිය වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට සූදානම් වීම තරම් එය ඔවුන් ගේ නිජබිම බව ඔප්පු කරන වෙනත් සාධකයක් නොමැත.
1. ඔබ ඇමරිකාවේ NOI වැනි separatist movements’ වල අදහස් සමග එකගද? https://attackthesystem.com/americans-for-self-determination/
2. තමිල්නාඩුවේ ස්වයන් පාලන ඉල්ලීම් අනුමත කරනවාද?
LikeLike