Stone Memories  72x80   oil on wood  2014        Brenda Goodman

 

මම නිජබිම සහ ජාතිකත්වය ගැන පසුගිය ලිපි දෙකක දී සවිස්තරාත්මක ව කතා කළෙමි (එම ලිපි මෙතැනින් සහ මෙතැනින්). මේ ඊට සමගාමීව ලියැවෙන තෙවැනි ලිපියයිමෙම ලිපියේ දී කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ජාතික රාජ්‍යයන් ගේ මතු වීම සම්බන්ධව ය.

මා ලියූ මුල් ලිපි දෙක ට අදාළව බොහෝ වාද විවාද ඇති වියඑහිදී මා ඇසූ ප්‍රශ්නයක් වූයේ ලංකාවේ රාජ්‍යය බලය සිංහලබෞද්ධයා අතෙහි තිබිය යුත්තේ ඇයි ද යන්න යඊට ලැබුණු එක පිළිතුරක් වූයේ ලංකාව වසර 2500 ක ඉතිහාසයක් තුළ “සිංහලබෞද්ධ” සංස්කෘතිය යටතේ රාජ්‍යය පාලනය සිදු කරන ලද නිසා ත් ලංකාවේ ශිෂ්ටාචාරය “සිංහලබෞද්ධ” සංස්කෘතිය මූලික ව ගොඩ නැගුණු නිසා ත් වෙන කොහෙවත් “සිංහලබෞද්ධ සංස්කෘතියක්නොමැති නිසා ත් ලංකාවේ රාජ්‍යය පාලනයේ අයිතිය ඔවුන් ට හිමි විය යුතු බව ය. එම තර්කයට අනුව ලංකාව යනුවෙන් හඳුන්වන භූමියේ අවුරුදු 2500 ක සිට ජීවත් වූයේ සිංහල බෞද්ධයන් යමේ ඔවුන් කරන්නේ ඔවුන් ගේ මුතුන්මිත්තන් ආරක්ෂා කළ එම සංස්කෘතිය නොකඩවා පවත්වා ගෙන යාම සහ ආරක්ෂා කර වැඩි දියුණු කිරීම යි.

මේ ආස්ථානය නොයෙක් ගැටළු රාශියක් මතු කරන බව කිව යුතු ය. එය තේරුම් ගැනීමට අප මුලින් ම ජාතික රාජ්‍යයක් යනු කුමක් දැයි අප වටහා ගත යුතු ය.

එය “යම් කිසි ජනකොටසක් නිශ්චිත භූමියක යම්කිසි දේශපාලනික නොවන (ආගමභාෂාවසංස්කෘතිය හෝ/හා ඉතිහාසයඅනන්‍යතාවක් මත සංවිධානය වීමේ භෞතික ප්‍රකාශනය” ලෙස ප්‍රකාශ කළ හැක.

ජාතික රාජ්‍යයන් අඩුම තරමේ ආකාර දෙකකට බිහි වෙන බව අප ට හඳුනාගත හැකඑකක් නම් වැඩවසම් යුගයේ සිට ධනවාදය ට සමාජ ක්‍රමය මාරු වන විට ඊට අවශ්‍යය සමාජ/දේශපාලනික සම්බන්ධතාවයන් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ඉටු කිරීමටදෙවැන්න පවතින ජාතික රාජ්‍යයක, ජාතික පීඩනය ට පත් වන ජන කොටස් ජාතික විමුක්තිය ලබා ගැනීමේ අවසාන පියවර ලෙස. මේ අවස්ථා දෙකට ම අදාළ ව මතු වන වැදගත් ම ප්‍රශ්නයක් වන්නේ ජාතික රාජ්‍යයක් බිහි වීම ට යම්කිසි ජනකොටසක ට අවශ්‍යය සුදුසකම් මොනවා ද යන්න ය. ජනකොටසක් ජාතියක් වීමට ත් භූමියක් නිජබිමක් වීම ට ත් සුදුසුකම් ඉදිරිපත් කළ නොහැකිවා සේමජාතික රාජ්‍යය ක් ඇති වීමට ද සුදුසුකම් මේවා යයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වේඊට හේතුව වන්නේ ලෝකයේ දැනට පවතින ජාතික රාජ්‍යයන් ඇති වී ඇත්තේ න්‍යායක් මත පදනම් ව නොවන නිසා යඅපට කළ හැක්කේ එම ජාතික රාජ්‍යයන් දෙස බලා එම රාජ්‍යයන් බිහි වූ අන්දම ගැන අවබෝධයක් ලබා ගැනීම පමණි. මෙහි ජාතිකරාජ්‍යය යන්නෙහි “ජාතික” යන කොටස ඉතා වැදගත් අදහසක් නිරූපණය කරයි. එය සරල ව මෙසේ දැක්විය හැක. ජාතික රාජ්‍යයක් ඉල්ලන්නේ ජාතියක් යඔවුන් ජාතියක් නොවේ නම් ඔවුන් ට ජාතික රාජ්‍යයක අවශ්‍යතාව පැන නොනගී.

කෙසේ හෝ මා කලින් සඳහන් කළ ආකාරයට මේ ගැන වාද විවාද කරන බොහෝ සිංහල ජාතිකවාදීන් ගේ අදහසක් වන්නේ “සිංහල ජාතිය” අඩුම තරමේ වසර 2500 ක් පැරණි බව යඒ නිසා වෙනත් ජාතීන් ට ලංකාව තුළ ජාතික රාජ්‍යයක් ඉල්ලීම ට සුදුසුකම් නැති බව යමේ කතාව සත්‍යයක් ද? ඒ ගැන දැන් අපි විමසා බලමු. ජාතිය යයි කියූ විට ම අපට එම සංරචකය තුල සියලු ම දෙනා සමාන බවක් අදහස් වේඑනම් සියලු දෙනා ම පුද්ගලයන් වශයෙන් සමාන වන අතර සියල්ලන්ටම ඇත්තේ දේශපාලනික ස්වායත්ත බවකිමෙහිදී මතු වන දේශපාලන සංසිද්ධිය නම් “පුරවැසියා” යන්න යවර්තමානයේ මෙම පුරවැසියන් යන්න බොහෝ විට නීතිමය වශයෙන් පිළිගැනෙන්නේ කිසියම් ජාතික රාජ්‍යයක ඡන්ද අයිතිය ලැබීමත් සමඟ ය.(මීට ව්‍යතිරේකයන් ඇතඋදා:ඇමරිකාවඑහිදී සියල්ලෝම නීතිමය වශයෙන් සමාන බවත්සියල්ලන් ටම රාජ්‍යයක් තුළ පාලන බලය ලබා ගැනීමට අයිතිය ඇති බවත් බොහෝ විට පිළිගැනේජාතියක් නිර්මාණය කළ හැක්කේ පුරවැසියන් ට යඑනම් සමානයන් ට යනමුත් රජවරුන් අතින් පාලනය වූ සමාජ ක්‍රම තිබුණු යුගයේ මෙය මූලික වශයෙන් තිබුණ තත්ත්වයක් නොවේවිශේෂයෙන් ම ලංකාව තුළ එම අතීතය තුළ අප අද සාකච්ඡා කරන අර්ථයෙන් පුරවැසියන් සිටියේ නැතසිටියේ පාලකයන්(රදළයන්,රජවරුසහ “යටත් වැසියන්” මේ යටත් වැසියන් එකට එකතු වුයේ බොහෝ විට  රජෙක්” යටතේ හෝ “රදළයෙක්” යටතේ  එම රජු ගේ අනන්‍යතාවය යටත් වැසියන් ගේ අනන්‍යතාවය විය.(බෞද්ධාගම යටත් වැසියන් ට අබිමුඛ වන්නේ ඒ අර්ථයෙනි.) එසේ නැතිව “අපි එකම ජාතියේ” යන වර්තමාන අර්ථයන් නොවේලංකාවේ වැඩවසම් යුගය තුළ “යටත් වැසියන්” ගේ මිනිස් සම්බන්දතා තීරණය වුයේ කුල ක්‍රමය මත යකුලයෙන් පිටත අවාහ විවාහ සිදු වීමද පැවතුණේ තහනම් දෙයක් ලෙස යඑවන් සමාජයක ජාතියක් ඇති වීම කිසිසේත්ම සිදු විය නොහැකි දෙයකිවිශේෂයෙන් ම පාලකයන් මේ යටත් වැසියන් සැලකුවේ අර්ධ වහලුන් ලෙස යමේ යටත් වැසියන් ට අඩුම තරමේ මූලික අයිතීන් පවා එකළ හිමි නොවී යනමුත් රදළයන් සහ රජවරුන්ගේ සමාජ සම්බන්ධතා තීරණය වූයේ මීට හාත්පසින් ම වෙනස් ලෙස යඔවුන් ගේ අවාහ විවාහ සිදු වූ හැටි විමසා බැලූ විට මේ ගැන අපට හොඳින් ම තේරුම් ගත හැකවිශේෂයෙන් ම රජවරුන් ගේ විවාහයන් සිද්ධ වූයේ පිටරට වෙනත් රජ පවුල් සමඟ යලංකාවේ රජවරු බොහෝ විට විවාහයන් සිදු කර ගත්තේ ඉන්දියාවේ රජ පවුල් වලින් යඑහිදී භාෂාව ප්‍රශ්නයක් වූයේ නැතඔවුන් තමන් ගේ ජාතිය ලෙස සැළකූයේ තමා ට සමාන වෙනත් රටවල හෝ වෙනත් ප්‍රදේශවල රජ පවුල් මිස තමන් ගේ රටේ සිටින යටත් වැසියා නොවේබොහෝ විට යටත් වැසි කාන්තාවන් යොදා ගන්නා ලද්දේ එම රදළයන්/රජවරුන් ගේ ලිංගික වහලුන් ලෙස යලංකාවේ කන්ද උඩරට රාජධානියේ අවසන් රජුන් කිහිප දෙනා නායක්කර් වංශිකයන් යඔවුන් ගේ රජකම තීරණය කිරීමේ දී ඔවුන් ගේ භාෂාව හෝ සංස්කෘතිය වැදගත් සාධකයක් ලෙස සැලකුණේ නැතඔවුන් ට තිබුණ එකම සුදුසුකම නම් රජ පවුලකින් පැවතගෙන ඒමයිබොහෝ වෙලාවට මේ රජවරු ලංකාවේ බුදු දහම ට පක්ෂපාතීත්වය දැක්වූයේ එය වැදගත් වූ රදළයන් ගේ පක්ෂපාතීත්වය දිනා ගැනීමට ය.  කෙසේ වුවත් මේ ආකාරයේ රාජ්‍යය ව්‍යූහයක් තුළ බොහෝ විට යටත් වැසියන් ට තිබුණ කාර්යභාරය නම් තමා ගේ ශ්‍රමයෙන් කොටසක් රජුන් ට හෝ රදළයන් ට ලබා දීමයිරාජ්‍යය සමඟ ඔවුන් ට තිබුණ එකම සම්බන්ධය ද එයයිලංකාවේ ප්‍රකට ම ඉතිහාසඥයා වන ජීසීමෙන්ඩිස් ට අනුව බොහෝ විට විවිධ රජවරුන් රාජ්‍යය බලය වෙනුවෙන් සටන් කරන විට එය යටත් වැසියන් ට බලපෑමක් ඇති කළේ නැතයටත් වැසියන් ට තිබුණේ ඔවුන් ශ්‍රමය හෝ බදු ලබා දෙන රජු වෙනස් කිරීම පමණි.

එම නිසා මේ සිංහල ජාතිය වසර  2500 ක සිට දැන් පවතින අර්ථයෙන් නොතිබුණ බව පැහැදිලි යකෙසේ වෙතත් ජාතික රාජ්‍යයක් බිහි වීමට ලංකාවේ සිංහල බෞද්ධයන් කියන ලෝකයෙන් ස්වායත්ත ඉතිහාසයක්භාෂාවක්,ආගමක් හා සංස්කෘතියක් තිබීම යන්න ද අනිවාර්යය නැතමේ කිසිවක් නැතිව පවා ලෝකයේ ජාතික රාජ්‍යයන් බිහි වී තිබේ.

ඔටෝමන් අධිරාජ්‍යය ගොඩ නැගුණේ වර්තමාන තුර්කිය පවතින භූමිය මුල් කරගෙන යඑය පැවතුණ වසර 600 ක කාලය තුළ වර්තමානයේ රාජ්‍යයන් ලෙස පවතින ඇල්බේනියාවග්‍රීසියලිබියාවසර්බියාවසිරියාව ඇතුළු බොහෝ රටවල් ප්‍රදේශ වශයෙන් ඊට අයත් වියමුලින් ම ගෝත්‍ර ලෙස ද ප්‍රාදේශීය රාජාණ්ඩු ලෙස ද පැවතුණ බොහෝ ජන කොටස් ඔටෝමන් අධිරාජ්‍යය යටතේ ශිෂ්ටාචාරය ට ඇතුල් වියඑම අධිරාජ්‍යයේ රාජ්‍යය ආගම වුයේ ඉස්ලාම් ධර්මය යිඔවුන් ගේ රාජ්‍යය භාෂාව ලෙස භාවිතා කරන ලද්දේ ඔටෝමන් තුර්කි බස යිනමුත් එම අධිරාජ්‍යයෙන් ග්‍රීක සහ සර්බියානු ජාතිකයන් ජාතීන් ලෙස වෙන් වූයේ ඔවුන් ඇදහූ සත්‍ය ලබ්ධික කිතුනු ආගම මුල් කරගෙන යතුර්කි සහ බොස්නියානු ජාතීන් වෙන්වුණේ ද ඔවුන් ඇදහූ  ඉස්ලාම් ආගම මුල් කරගෙන යඑම අධිරාජ්‍යය යටතේ ජීවත් වූ සුළු ජනකොටස් වලට ඔවුන් ගේ සංස්කෘතිය ට යටත් ව යම්කිසි ස්වයන් පාලනයක් කරගෙන යාමට මිලෙට් ක්‍රමය යටතේ අවකාශය ලැබුණ ද එහි කිසිදු ජනකොටසක් වර්තමාන තත්ත්වයෙන් ජාතීන් ලෙස සංවිධානය වී තිබුණේ නැතඑය සිදු වූයේ 18 වන සියවසේ අගභාගයේ දී ය.

මීට හාත්පසින් ම වෙනස් ලෙස රුමේනියාව ගොඩනැගුණේ භාෂාව මුල් කරගෙන මිස ආගම මුල් කරගෙන නොවේරුමේනියාවට ඔවුන් ගේ කියා කියන්න පොහොසත් ඉතිහාසයක් හෝ ශිෂ්ටාචාරයක් නැතඔවුන් ඉතිහාසය පුරාම පැවතුණේ විවිධ අධිරාජ්‍යයන් වලට ඈඳා ගන්නා ලද ප්‍රදේශයක් ලෙස යනමුත් ඔවුන් ගේ විශ්වාසය වන්නේ ඔවුන් පුරාණ රෝමානුවන් ගෙන් පැවැත එන බවයිරුමේනියාව යන වචනය පවා එන්නේ “රෝමයේ පුරවැසියායන අර්ථයෙනිඔවුන් ගේ ජාතික අනන්‍යතාවය ට වැඩියෙන් ම බලපා ඇත්තේ රෝමයන් ට ඇති සම්බන්ධය ය.

ඇල්බේනියානු ජාතීන් ආගම් තුනක් අදහයිනමුත් ඇල්බේනියානු ජාතිය ගොඩ නැගුණේ ද භාෂාව මුල් කරගෙන යරුසියාවේ පෝලන්ත ජාතිකයෝ රුසියාව ට එරෙහිව ජාතියක් බවට පත් වූයේ ආගම ත් භාෂාවත් යන දෙකම මුල් කරගෙන යමේ ආගම සහ භාෂාව නොමැති ව ජාතික රාජ්‍යයන් ගොඩ නැගුණ අවස්ථා ද වේ. 1950 දශකයෙන් පසු බොහෝ අප්‍රිකානු ජාතීන් ජාතික රාජ්‍යයන් ඇති කරගත්තේ කිසියම් විදේශ බලවතෙකුට එරෙහිව ඇති වූ පොදු හැඟීමක් මුල් කරගෙන යඔවුන් අදටත් කතා කරන්නේ ප්‍රංස හෝ ඉංග්‍රීසි භාෂාවන් යඅදහන්නේ කතෝලික හෝ ඉස්ලාම් ආගම් ය.

එම නිසා අප ඉතිහාසය දෙස බැලූ විට මේ තිබෙන සංස්කෘතියආගමභාෂාව හෝ ඉතිහාසය රැක ගැනීමට ම ජාතික රාජ්‍යයන් බිහි නැතඊට වැදගත් වන්නේ යම්කිසි අනන්‍යතාවයක් මත සාමුහික විඥ්ඥානයකින් වැඩ කරන ජනකොටසක් යමේ අනන්‍යතාවය ට අඩුම තරමේ භෞතික මූලයක් වත් අවශ්‍යය නොවේඊට හුදු විශ්වාසයක් පමණක් ම ප්‍රමාණවත් යඊශ්‍රායලය ගොඩ නැගුණේ ඔවුන් ගේ නිජභූමිය වන ශුද්ධ භූමිය (holy land) ගැන හුදු විශ්වාසය මත පදනම් ව ය.

කෙසේ වෙතත් අවසානයේ සඳහන් කළ යුතු දෙය නම් ජාතික රාජ්‍යයක් බිහි වීම ට වැදගත් වන්නේ මේ කිසිවක් නොවේ, ලෝක බලවතුන් එය “නීතිමය වශයෙන් ස්වාධීන රාජ්‍යයක්ලෙස පිළිගැනීම යඑය බොහෝ විට සිදු වන්නේ ඉන් ඔවුන් ට ලැබෙන ආර්ථිකමය සහ දේශපාලනමය වාසි මොනවා ද යන්න මත යඑම නිසා සිංහලබෞද්ධයන් දෙමළ ජනයා ට ජාතික රාජ්‍යයක් ඇති කරගැනීම ට සුදුසුකමක් නැතැයි කීම කිසිසේත් ම අදාළ කාරණයක් නොවේඑය ලෝක බලවතුන් පිළිගන්නේ නම් අප ට අකමැත්තෙන් හෝ එය පිළිගැනීම ට සිදු වේඑම නිසා මේ ප්‍රශ්නය සිංහල බෞද්ධයා බැලිය යුත්තේ මේ න්‍යායික කාරණා මත නොවමේ ප්‍රශ්නය මත ලංකාව ලෝක බලවතුන් ගේ ග්‍රහණය ට පත් වීමේ ඇති ඉඩකඩ ගැන සළකා බලා යමෙවැනි ප්‍රශ්න සාමකාමීව විසඳා ගත නොහැකි වන විට බොහෝ විට සිදු වන්නේ ලෝක බලවතුන් එම ප්‍රශ්නය තුළින් එම රටවල් දේශපාලනික ව සහ ආර්ථිකමය ව යටත් කර ගැනීමයි. ඒ නිසා මාගේ මේ ලිපි මාලාවේ අරමුණ වන්නේ ද මේ ගැන පුළුල් සංවාදයක් සිංහලබෞද්ධ ජාතිකවාදීන් සමඟ ඇති කරගැනීමයි.

මතු සම්බන්ධයි.

ඇන්ටන් එම්. ප්‍රනාන්දු

 

 

***

Advertisements