909920-philosophy-wallpapers-1920x1080-macbook

 

What is Philosophy ? කියල ප්‍රශ්ණයක් වරනගපු ගමන් අපි කතාකරන්නෙ Philosophy ගැන.ඒ කියන්නේ මේ ප්‍රශ්ණය විසින්ම අපිව Philosophy තුලට ඇද දමනවා. Philosophy තුලට ඇතුල් වෙන්න,එහි නිරත වෙන්න එයට අවනත වෙන්න දාර්ශනික කරන්න ප්‍රශ්ණය විසින්ම අපට අවධාරණය කරනවා. ඒ කියන්නෙ What is Philosophy ? ප්‍රශ්ණයට පිළිතුර අපි දන්නැති උනත් ඒ නොදන්නා දේ ගැන ප්‍රශ්ණය විසින් පාරක් විවෘත කරනවා.එය දර්ශණවාදය තුල නොවරදින මාවතක්යැයි අපට සහතිකයක් දෙනවා.ඒ කියන්නෙ අපේ පරීක්ෂණයේ පාර නොදන්නා දේ (දර්ශනවාදය යනු කුමක්ද?) විසින් සළකුණු කරල ඉවරයි.

එනම් මේ මාවත තුල හැගීම් වලට ඉඩක් නෑ කියල අපි දන්නවා.අතාර්කික බවට ඉඩක් නෑ කියල අපි දන්නවා. අනෙක් අතට එය තාර්කිකයි.හේතු සහගතයි.අතාර්කක බව හැගීම්බර බව මේ මාවත විසින් බැහැර කරන දේවල්.ඒ කියන්නෙ  What is Philosophy ? ලෙස වර නගද්දීම එක්තරා තීන්දුවක් අප සතුයි.එනම් එය එක්තරා විදියක හේතු සහගත තාර්කික හැගීම්බර නොවන දෙයක්ය කියන එක.ඉතිං ඔන්න දැං What is Philosophy ? යන ප්‍රශ්ණය විසින්ම අපට හේතුව,තාර්කිකත්වය, දිහාට ඇගිල්ල දික්කරල ඉවරයි.ඒ වගේම ඊලග ක්ෂණික ප්‍රශ්ණ කිහිපයකුත් අපිතුල ගොණුකරල ඉවරයි.එනම් “හේතුව යනු කුමක්ද?”(What is Reason?) “තාර්කිකත්වය යනු කුමක්ද? ” (What is Rational?) නමුත් දර්ශනවාදය යනු හේතු සහගත භාවයද?. දර්ශනවාදය යනු තාර්කික හැසිරීමක්ද? යන්නත් ගැටලු සහගතයි.එනම් දර්ශනවාදය ක්‍රීයාත්මක වෙන්නේ අතාර්කිකත්වය මතද? අතාර්කිකත්වය මත තාර්කිකත්වයේ අණසක පවත්වන්නද? අතාර්කිකත්වයේ සීමාවන් ජය ගැනීමටද? ඉතිං අපි හමුවේ ඉවරයක් නැති ප්‍රශ්ණ වැලක් දිගහැරෙනවා.

 ඉතිං What is Philosophy ? කියල ප්‍රශ්ණයක් වරනගපු ගමන් ප්‍රශ්ණ නොනවතින වැලක් අපි හමුවේ දිග හැරෙනවා.මේ නිසා අපි මුලින්ම කල යුත්තෙ What is Philosophy ? යන ප්‍රශ්ණයම ටිකක් පරීක්ෂා කරල බැලීමයි කියල හෛයිඩෙගර් යෝජනා කරනවා.

මේකෙ තියෙනවා What ,is, Philosophy කියල පද තුනක්.මේ අපට හුරුපුරුදු   Philosophy වචනයේ නිරුක්තිය මොකක්ද? ඒක කොහෙන්ද ආවෙ?

මේකෙ ග්‍රීක- ඇතන්ස් “Philosophia” ශබ්දය   තියෙනවා.එනම් Philosophy කියන්නෙ ග්‍රීක වචනයක්.ඒ කියන්නෙ මේ ග්‍රීක වචනය තමයි  Philosophy දෙසට යන මාවත.එනම් අපි “Philosophy” වචනය වහරද්දිම අපි ග්‍රීක “Philosophia” දිගේ ගමන් කරනවා.එනම් “Philosophy” වචනයේ සැගවී ඇති   “Philosophia” අපට කියා සිටිනවා ග්‍රීක ලොකයේ තිබුනු කිසියම් පැවැත්මක් පිළිඹදව.ඉතින්  “Philosophy” එහි ස්වභාවයෙන්ම ග්‍රීකයි.

 මෙන්න මේ “Philosophy” හි තිබූ “ග්‍රීක ස්වභාවය” මධ්‍යතන යුගයේදී ක්‍රිස්තියානි දේවදර්මය විසින් මෙහෙයවන්න ගත්ත.එය ක්‍රිස්තියානි පල්ලියේ විශ්වාස පද්ධතීන් හා එහි අධිකාරීත්වය විසින් පාලනය කලා.එය බටහිර යුරෝපීය දර්ශණය ලෙස නූතන යුරොපීය ලෝකය තුල පරිවර්තනය උනා.එනම් මේ අවධියේ ග්‍රීක ස්වභාවය කියන්නෙ නූතන බටහිර යුරෝපීයත්වයට.එනම් මෙහි මූලික ස්වභාවය දර්ශණවාදය ඒ වෙනකොට වර්ධන වෙමින් සහ බලපවමින් තිබුන විද්‍යව මගින් පරීක්ෂාවට ලක්වීමයි.දර්ශනවාදය විද්‍යාවක් බවට පත්විය යුතුවීමයි.

නමුත් දර්ශනවාදය එහි ස්වභාවයෙන්ම ග්‍රීකයි.ඉතිං Philosophy කතාකරන ඕන කෙනෙක්ව මෙන්න මේ ඓතිහාසික ග්‍රීක ඇතන්ස් Philosophia සම්ප්‍රදාය තුල ගැවසෙන්න වෙනවා.එනම් What is Philosophy ? ලෙස වරනැගීම විසින් දිශානත වෙන්නෙ Philosophia වන ග්‍රීක හැසිරීමකට.මේ  Philosophia වන ග්‍රීක හැසිරීමේ මූලීක කාරණයක් තමයි “සංකතනයේ නිදහස” (Freedom of Discussion).එනම් What is Philosophy? ලෙස වර නගන්න හැකි කරවන උප්පැන්න සහතිකය  අපට හමුවන්නෙ ග්‍රීක Philosophia තුල.

 එනම් යමක් What? ලෙස වරනැගීම ග්‍රීක පුරුද්දක්.උදාහරණයකට අපි අහනව “ඒ මොකක්ද?” (What is that?)  කියල.අපිට පිලිතුරක් ලැබෙනව එය ගසකි (It is a tree) කියල.දැං අපි නැවතත් ප්‍රශ්ණයක් වර නැගුවොත් අපි ගස කියන්නෙ මොකක්ද? (What is that which we call a tree? ) කියල .මෙන්න මෙතන තමයි ග්‍රීක   What? තියෙන තැන.ග්‍රීක උප්පැන්න සහතිකය තිබෙන තැන.එනම් එය කුමක්ද? (What is it?) ලෙස වර නැගීම  ග්‍රීක පුරුද්දක් . ලස්සන යනු කුමක්ද? (What is Beautiful? ) දැනුම යනු කුමක්ද? (What is Knowledge?) මේ විදියට මේ  පුරුද්ද  සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වර්ධනය කලා.ඒ වගේම මෙලෙස What? ලෙස ප්‍රශ්ණය වර නගපු ගමන්ම අපිට ඒ ගැන පැහැදිලි කිරීමක්ද (නිර්වචනයක්) එනවා.ඒ කියන්නෙ ලස්සන යනු කුමක්ද? යන ප්‍රශ්ණය තියෙන්නෙම ලස්සන යනු…  ලෙස පැහැදිලි කිරීමක්ද සමගයි.     කොටින්ම මේ What? එක ග්‍රීක What? (Whatness) එකක් වෙන්නෙ මේ ලස්සන යනු…ලෙස ගෙනෙන පැහැදිලි කිරීම් සමග සංකතනයේ යෙදෙයිනම් පමණයි.පිළිතුරක් ගොනුවේනම් පමණයි.ඒ කියන්නෙ ග්‍රීක What? (What is Beautiful? ) ලෙස අසන දේ ගැන අපි පැහැදිලි කරන්න යෑමේදී ‘The’ (The beautiful is….) ලෙස අව්‍ය පදයක් යෙදෙනවා.එනම් ග්‍රීක What? එක විසින් එම දේට හදුනාගැනීමක් තේරුමක් ගෙන එමින් ඉන්නවා.මෙන්න  මේ What? (ti- ග්‍රීක) හා The (Quid- ග්‍රීක) අතර වන පැහැදිලි කිරීම දර්ශනයේ  එක එක යුග වලදි වෙනස් උනා.උදාහරණයකට ප්ලේටෝ මේ දෙක අතර සම්බන්ධය (Whatness)  පැහැදිලි කලේ Idea හරහා.ඇරිස්ටෝටල් ගෙනා පැහැදිලි කිරීම ඊට වඩා වෙනස්.කාන්ට්,හේගල් මේ අයගෙ පැහැදිලි කීරීම්ද ඊට වඩා වෙනස්.ඒ කියන්නෙ දර්ශනයේ විවිධ යුග වලදි මේ What? ( Whatness ) පිළිඹදව වෙනස් පැහැදිලි කිරීම් සිදුවුනා.ඒ කොහොම උනත් What is Philosophy ? ලෙස වර නගන කොටමත් අපි අහමින් ඉන්නෙ ග්‍රීක සම්භවයක් ඇති ප්‍රශ්ණයක්.ඉතිං මෙලෙස What? ( Whatness ) ලෙස වරනගනා විට  අපිතුල සිටිනා  ග්‍රීකයා කතා කරන්න  ගන්නවා.

කපිල ක්‍රිෂාන්ත

Advertisements