body-abstract-realism-4

Ben Woodard: කලින් දිනයේ විශේෂයෙන් ම සදහන් කළා සමපෙක්ෂී දර්ශනය යනුවෙන් ඔබ හදුන්වන දෙය ගැන. සමපේක්ෂී යථාර්ථවාදීන්ගේ (කොන්ටෙන් මෙයසූ, රේ බ්‍රාසියර්, ඉයන් හැමිල්ටන් ග්‍රාන්ට් සහ ග්‍රැහැම් හාමන්) ලිවීම්වලට සම්බන්ධව ඔබ ඔබේ කෘතීන් දකින්නේ කොහොම ද? මෙයසු ඔහුව හදුන්වා ගන්නේ භෞතික වාදියෙකු ලෙස මිස යථාර්ථවාදියෙකු ලෙස නො වේ. ඔබ හිතන විදියට මෙම බෙදීම පාරභෞතික විද්‍යාවේ අනාගතය සදහා අවශ්‍ය වේ ද?

Alain Badiou: මුල සිට ම සමපේක්ෂී යථාර්ථවාදීන්ගේ කෘතීන් මට ඉතා ම වැදගත් වගේ ම ඔවුන් මාවෙතටත් ඇතැම්විට යොමු වෙනවා. දාර්ශනික අධ්‍යනයේ දී විඥානවාදී සම්ප්‍රදායෙන් වෙන්වීම අද ඉතා වැදගත් වේ. අප යථාර්ථවාදය සහ භෞතිකවාදය පිළිබද ප්‍රශ්නයට පසුව යොමු වෙමු. එය අතිශය සංකීර්ණ ප්‍රශ්නයක්. සමපේක්ෂී යථාර්ථවාදීන්ගේ ස්ථාවරය වන්නේ, දර්ශනයේ ආරම්භක ලක්ෂ්‍යය යනු ආත්මය සහ වස්තුව අතර හෝ ආත්මය සහ ලෝකය යනාදී වශයෙන් හෝ කොන්ටින් මෙයසු සහසම්බන්ධතාවාදය යනුවෙන් හදුන්වන සම්බන්ධතාවය නො වේ යන්නයි. මම කොන්ටින් මෙයසුව බොහෝ කාලයක් තිස්සෙ සිට දන්නවා. මම ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ දිත් සිටියා. ආරම්භයේ දි ම මම සිතුවා, සහසම්බන්ධතාවාදය පිළිබද විස්තරය සහ සහසම්බන්ධතාවාදය විචාරය කිරීම වැදගත් කාරණයක් බව. එය යථාර්ථවාදය සහ භෞතිකවාදය අතර ඇති සම්භාව්‍ය විභේදනය නො වේ. හරියට මාක්ස්වාදී සම්ප්‍රදාය සහ අල්තුසර් අතර ඇති බෙදී ම වගේ. එය වෙන ම දෙයක්. මෙයසුගේ ආරම්භක ලක්ෂ්‍යය අවසාන වශයෙන් හියුම් සහ කාන්ට් අතර සම්බන්ධය බව දැකීම ඉතා වැදගත් ය. ප්‍රායෝගිකව කොන්ටින් මෙයසුගේ අදහස වන්නේ, සියලු ම දාර්ශනික සම්ප්‍රදායන් කාන්ට්ගේ අවකාශය තුළ පවතින බවයි. එනම් හියුම්ගේ ගැටලුවට පැහැදිළි එක ම පිළිතුර සහසම්බන්ධතාවාදය යන අර්ථයෙනි. මෙයසුගේ අදහස වන්නේ තවත් අවස්ථාවක් පවතින බව ය. අප හියුම් සහ කාන්ට් අතරින් තෝරාගැනීමක් කිරීමට කැපවී නැත.

මගේ ව්‍යාපෘතිය වෙනස්, එහි දී වෙනස් ආකාරයේ දැනගැනීමේ ආකාර සහ ආනුභූතික සහ උත්තරානුභූතික සම්මුතීන්ගෙන් භාහිරව පවතින ක්‍රියාවන් පරික්ෂා කිරීම සිදු වේ. කෙසේවෙතත් මගේ දැක්ම වන්නේ අප සහසම්බන්ධතාවාද දෙකකින් ගැලවිය යුතු බවයි, එය දාර්ශනයේ ම ඉරණම පිළිබද ප්‍රශ්නයකි. පසුගිය සියවසේ, දර්ශනයේ අන්ත දෙකක් පැවතුණි. විශ්ලේශී දර්ශනය (තර්ක,අර්ථ සහ විද්‍යවට අවධානය යොමු කරන) නව යථාදෘෂ්ටිකවාදයක් ලෙස. අනෙක් අන්තය වනේ හෛයිඩෙගර්ගේ ප්‍රපංවාදයයි. ප්‍රංශයෙහි මේ දෙක අතර අමුතු ම සන්දානයක් පවතියි. එනම් ආගමික ප්‍රපංචවාදය (Marion, Ricour, Henry) සහ ඥානනවාදී විශ්ලේෂීන්(cognitivist) අතර ය. ඔවුන් ප්‍රංශ දර්ශනයට එරෙහිව නැගී සිටින්නේ ඔවුන් කියන ආකාරයට‘මගේ සතුරාගේ සතුරා මගේ මිතුරා‘ යන පදනමිනි.

මීට විරුද්ධව, සමපේක්ෂී යථාර්ථවාදයේ මූලික සපත කිරීම වන්නේ, අපේක්ෂා සහගත දෘෂ්ටියකි. එනම් දර්ශනයට නව වියහැකියාවකි. නව දැක්මක්. දර්ශනය දිගට ම කරගෙන යා හැකියි. මේ අර්ථයෙන්, මා සතුටු වෙනවා මෙය සම්භාව්‍ය පාරභෞතිකවාදයේ හුදු අඛණ්ඩත්වයක් හෝ එහි අවසානයක් නොවීම ගැන. මෙම අර්ථයෙන් මම යථාර්ථවාදය නමැති වචනය සමග එකග වෙමි. අප යථාර්ථවාදය යන වචනය සමග පාරභෞතික විද්‍යාව සහ සම්භාව්‍ය පාරභෞතික විද්‍යාවේ අන්තයට එපිටින් ය. භෞතිකවාදයට විරුද්ධව යථාර්ථවාදය පිළිබද ප්‍රශ්නය අද තීරණාත්මක ප්‍රශ්නයක් නො වේ. වැදගත් වන්නේ එය සහසම්බන්ධතාවාදය හෝ විඥානවාදය නො වන බවයි. එය දර්ශනයට අලුත් අවකාශකි. අභ්‍යන්තර වෙනස්කම්වලින් යුතු එකක් වුවත් මෙය ධනාත්මක රෝගලක්ෂණයකි.

BW: ඔබ තවදුරටත් කාලය සහ අනාගතය මගින් තනිකර ම තීරණය නො වූ වාර්තමානයක වැදගත්කම ගැන කතා කළා.සමපේක්ෂී යථාර්ථවාදයේ සමපේක්ෂී මානය යම් නිශ්චිත අනාගතත්වයක් මත ක්‍රියා නොකරන්නේ ද? සමපේක්ෂණ චින්තනය යම් ආකාරයකින් වර්තමානය, සැබෑ වර්තමානයක වර්තමානයක් පිළිබද වියහැකියාව, සැබෑ ජීවිතයක් වියහැකියව නිශේධ කිරීම හෝ අවම වශයෙන් මගහැරීම සිදු කරයි ද?

AB: මෙය වැදගත් ප්‍රශ්නයක්. මගේ පිළිතුර සැලසුම් නොකළ එකක් වගේ ම යමක් කේන්ද්‍රකරගත් එකක් නෙමෙයි. සමපේක්ෂී යථාර්ථවාදය වර්තමානයෙන් ඉවත්වීමක් ඇත, යම් ආකාරයක වර්තමානයේ ස්ටොයික්වාදයක්. වර්තමානය පිළිබද පැහැදිළි කිරීමක් හෝ දර්ශනයක් නැත. මෙය මට වඩා බෙහෙවින් වෙනස් වේ. සමපේක්ෂී යථාර්ථවාදය තුළ මොහොත ගැන අදහසක් නො මැත. අඩුවක් ලෙස පවතින ලොව බවට පත්වීමේ දැක්මක් ඔවුනට අවශයයි. යම් ආකාරයකින් එය යථාර්ථවාදී වුවත් අප කුමක් කළ යුතු දැයි ඔවුන් තවමත් කියන්නේ නැත. මෙයසුට අනුව අනාගතය තීරණය කරයි. අනාගතය සමහර විට, මළවුන් අවසාන තීරණය දෙයි. මෙය දේශපාලනික දුර්වලතාවයක්. ප්‍රශ්නය වන්නේ, අනාගතය සදහා වර්තමානයේ යථාර්ථය යොදවන්නේ කෙසේ ද යන්නයි.

BW: ලරුඑල් ගේ (Francois Laruelle) ‘non-philosophy’ ව්‍යාපෘතියේ යම් ප්‍රයෝජනයක් ඔබ දකිනව ද? යථාව පිළිබද ඔහුගේ සංකල්පයේ වටිනාකමක් නැති ද?

AB: මට ලරුඑල් ගේ යථාව පිළිබද ප්‍රශ්නය තේරුම් ගැනීමට අපහසුවක් තියෙනවා ( සිනාසෙයි) දර්ශනයේ ශක්තිය වන්නේ යථාව පිළිබද එහි තීරණයි. එක් ආකාරයකින්, ලරුඑල් බොහෝ දුරට හෛයිඩෙගර්ට වඩා එහා යමින් තීරණ අල්ලා ගැනීමට යාමේ දී නැති වී යන දෙය එනම් හෛයිඩෙගර් සිතනවා යැයි කියන දෙය පිළිබද අමතක කර විවේචනය කරනවා. මේ හැරණු විට, චින්තකයෙකු ව ඔහුගේ ආරම්භක කෘතිවලින් විනිශ්චය නො කළ යුතු යි. ඔහුගේ මෑත කෘතිවල ආගමික පැතිකඩ පවතිනවා. ශුද්ධ ලෙස දර්ශනයේ ඓතිහාසික පැවැත්ම තුළ යමක් පවතිනවා යැයි ඔබ පවසන විට එම ප්‍රස්තුථය අසාර්ථකත්වයකි. එය ආගමික වේ. අප දාර්ශනය අභිබවා යායුයි කියන විට ම එහි තාර්කික බාදකයක් තිබේ. මේ නිසා තමයි අවසානයේ දී හෛයිඩෙගර් කියන්නේ අපව රැකිය හැක්කේ දෙවියන්ට පමණක් බව.

අවසාන වශයෙන්, මම පැවත්ම පැවැත්ම ලෙස සැලකීම (being qua being) සහ යථාව(Real) අතර විරෝධයක් දකින්නෙ නෑ. විශේෂිත ලෝකයකට සම්බන්ධ සිදුවීම් හැරෙන්නට යථාව යනු කුමක් දැයි තීරණය කළ හැකි ය.

පරිවර්තනය

කුසල් කුරුවිට

 

 

***

 

***

Advertisements