53067863_413919776061442_5701729416569159680_n

 

Game of Thrones හී අවසාන සීසන් එක ප්‍රසිද්ධ විවේචනයකට තුඩුදුන් අතර එමගින් එම සමස්ත මාලාව ඉවත් කර නැවත වරක් අලුත් කතාමාලාවක් පටිගත කරන තරමට එය පෙත්සමක් දක්වා දිග්ගැස්සිනි. (ආසන්න වශයෙන් මිලියනයක් ප්‍රේක්ෂකයන්) මෙහි දෘෂ්ටිවාදීමය අවදානම ඉහළ බව ඒ අනුව විවාදයේ ප්‍රචන්ඩත්වය එනයින් ම සාක්ෂි දරයි.

මේ නොසතුටට හේතු කිහිපහයක් දැක්විය හැකිය: නරක කථාවින්‍යාසය ( කතාමාලාව ඉක්මනින් ඉවර කිරීමේ පීඩනය යටතේ කතාවේ ආඛ්‍යානයේ සංකීර්ණත්වය සරල කිරීම) නරක මනෝවිද්‍යාව (Daenery දුෂ්ට රැජිනක් වීම ඇගේ චරිතයේ වර්ධනය මගින් සාධාරණීකරණය නො කිරීම) යනාදි වශයෙනි.

මෙම විවාදයේ සිටින එක් බුද්ධිමත් හඩක් වන එහි අධ්‍යක්ෂකවරයා ද වන Stephen King පෙන්වා දුන්නේ මෙම අතෘප්තියට හේතුව එහි නරක අවසාන  නො ව කතාව අවසන්වීම ම යන කරුණ බව යි. මූලධර්මිකව අපගේ කතා මාලාවේ කාලපරිච්ඡේදය කතාවේ ආඛ්‍යානය අවසන්කිරීම යන අදහස නො ඉවසිය හැකි ලෙස අනන්තය දක්වා ඇදී යා හැකි ය.

කතාමාලාවේ ඉක්මන් අවසනය අමුතු ම තර්කනයක් අත්පත් කරගනියි. එනම් වියහැකි මනෝවිද්‍යාව උල්ලංඝනය නොකරන නමුත් ඊටත් වඩා කතාමාලාවක ආඛ්‍යානමය පුර්වනිගමනයන් කඩකරන ආකාරයේ තර්කනයකි. අවසාන මාලාවේදී එය හුදෙක් යුද්ධයකට සූදානම් වීමකි. යුද්ධයෙන් පසුව ඇතිවන විලාප සහ විනාශකාරිත්වය සහ එම යුද්ධයෙහි ම ඇති අරුත් සුන්බව. සුපුරුදු ගොතික් මොලෝඩ්‍රාමැටික් කතා වින්‍යාසවලට වඩා එය මට බොහෝ යථාර්ථවාදී ය.

අටවන කතාමාලාව මගින් එකිනෙකට පසු එන අරගල තුනක් දක්වයි.: පළමුව මානුෂිකත්ව සහ අමානුෂික ‘අනෙකා‘ අතර අරගලය. (නයිට් රජු විසින් මෙහෙය වූ උතුරේ නයිට්වරුන්ගේ හමුදාව) ප්‍රධාන මනුෂ කණ්ඩායම් දෙක අතර අරගලය. (නපුරු ලැනිස්ටර් සහ ඔවුන්ට එරෙහි සංදානය මෙහෙය වූ Daenerys සහ Starks) තෙවනුව Daenerys සහ‍ Starks අතර අභ්‍යන්තර ගැටුම.

මෙන්න මේ නිසයි, සීසන් 8හි ඇති යුද්ධ අභ්‍යන්තර බෙදීමට භාහිර විරුද්ධ පක්ෂයක සිට එන තර්කානුකූල මාවතක් අනුගමනය කරන්නේ. අමානුෂික නයිට් හමුදාවේ පරාජය, ලැනිස්ටර් සහ King’s Landing විනාශය; ස්ටාර්ක් සහ ඩැනෙරිස් අතර අවසාන සටන; එය අවසානයේ, විශ්වාසී ලෙස තමන්ගේ යටත්වැසියන් ඒකාධිපතියන්ගෙන්  ආරක්ෂ කරන සාම්ප්‍රදායික ‘යහපත්’ ශ්‍රේෂ්ඨත්වය (ස්ටාර්ක්) සහ  වරප්‍රසාද අහිමි අය වෙනුවෙන් පෙනී සිටින උන්නතිකාමී ඒකාධිපති ඩැනේරිස් වැනි නව වර්ගයේ ශක්තිමත් පාලකයින අතර  සටනකි.

මේ නිසා අවසාන ගැටුමේ සැලකිය යුතු දේ මෙසේ ය. ඒකාධිපතිත්වයකට එරෙහි කැරැල්ලක් පැරණි ආකාරයේ ම ධූරාවලීමය පාලනයක කරා යළි ගමන් කිරීමක් සදහා කරන සටනක් විය යුතු ද? හෝ එය අවශ්‍ය නව ආකාරයක පාලනයක් සෙවිය යුතු ද ?

අවසානය රැඩිකල් වෙනස ප්‍රතික්ෂේප කිරීම සමග වැග්නාර්ගේ පැරණි ස්ත්‍රීවාදී විරෝධිත්වය  එකට එක් කරයි. වැග්නර්ට අනුව බලයට ඇති අශාව මගින් පාලනය කරන ලදුව දේශපාලන ජීවිතය සමග එකතුවන ගැහැනිය තරම් අප්‍රසන්න දෙයක් නො මැත. පුර්ෂ අභිලාෂයන්ට වෙනස්ව ගැහැනියකට බලය අවශ්‍ය වන්නේ ඇගේ පටු පවුල් වුවමනාවන් වර්ධනය කරගැනීමට හෝ වඩා දරුණු ලෙස රාජ්‍ය දේශපාලනයේ විශ්වීය මානයන් වටහා ගැනීමට හැකියව නැති ඇගේ හිතුවක්කාරකමට ය.

පවුල් ජීවිතයේ සමීප රාමුව තුළ සුරක්ෂිත ආදරයේ බලය වන ස්ත්‍රීත්වය ම රාජ්‍ය සහ මහජන කටයුතු වල දී  අශිෂ්ට පිස්සුවක් බවට පරිවර්තනය වේ. Game of Thrones හී දෙබසක් නැවත මතක් කළ හොත්, ඩැනේරිස් ජෝන්ට පසන්නේ, ඔහු ඇයට රැජිනක් ලෙස ආදරය නොකරන්නේ නම් භීතිය රජයයි යනුවෙනි. මෙලෙස ලැජ්ජාවට පත් ලිංගිකවශයෙන් අතෘප්තිමත් ගැහැනිය අශිෂ්ට චේතනාව විනාශකාරී භිතියක් පුපුරවා හරියි.

හරි දැන් අපි අපට පිළිගන්න අකමැති පැත්ත සලකා බලමු.

ඩැනේරිස්ගේ හදිස්සි මාරාන්තික පුපුරායෑම කුමක් ද? King’s Landing වල සිටින සාමාන්‍ය ජනතාව දහස් ගණනක් නිර්දය ලෙස මරාදැම්ම සැබැවින් ම විශ්වීය විමුක්තියට අවශ්‍ය පියවරක් ලෙස සුජාත කළ හැකි ද?මේ අවස්ථාවේ දී අප මතක තබා ගත යුත්තේ මෙම කතාමාලාව රචනා කරන ලද්දේ පිරිමින් දෙදෙනෙකු බව ය. ඩැනෙරියස් පිස්සු රැජිනක් වීම තරයේ ම පිරිමි ෆැන්ටසියකි. එවිට විවේචකයන් ඩැනේරිස් ගේ සභ්‍යත්වය පිස්සුවක් බවට පත්වීම මනෝවිද්‍යාත්මකව සාධාරණීකරණය කර නැතැයි පවසන විට ඔවුන් නිවැරදි ය. ඩැනේරිස්ගේ කෝපාවිෂ්ටව නිවෙස් සහ මිනිසුන් ගිනිතබමින් මකරෙකු සමග පියාඹන දර්ශනය ප්‍රකාශ කරන්නේ ශක්තිමත් දේශපාලන ගැහැනියක කෙරෙහී ඇති බිය සමග බැදුණු පීතෘමුලික දෘෂ්ටිවාදයයි.

Game of Thrones හී ප්‍රධාන කාන්තා චරිතයේ අවසාන ඉරණම මේ සම්බන්ධිතයන් සමග ගැලපේ. නරක Cersei පරදා හොද ඩැනේරියස් ජයග්‍රහණය කළත් බලය ඇයව දූෂණය කරයි. Arya ද (ඔවුන් සියලු දෙනාව ම තනිව Night King මරා ආරක්ෂා කළ) අතුරු දහන් වෙයි. බටහිරෙන් බටහිරට යාත්‍රා කොට. (හරියට ඇමරිකාව ජනපදකරණය කරන්න වගේ) ඉතුරු වන්නේ  Sansa ය. (උතුරේ ස්වාධීන රැජින ලෙස) ඇය වර්තමාන ධනවාදයේ ආදරයට පාත්‍රවන වර්ගයේ ගැහැනියකි. ඇය ස්ත්‍රී මෘදු බව සහ අවබෝධය කූට බවේ හොද මාත්‍රාවක් සමග මුසු කරයි. ඒ නිසා ම ඇය නව බල සම්බන්ධතා සමග හොදින් ගැලපේ.

මෙලෙස කාන්තාව මුලුගැන්වීම  අවසන් කතාවේ පොදු ලිබරල් කොන්සර්වේටිව් පාඩමයි.   විප්ලවයන් වැරදී යායුතු ය. ඒවා එවිට නව ඒකාධිපතිතන්ත්‍රයන් ඇති කරයි. ජෝන ඩැනේරිස්ට පවසන ආකාරයට:

”ඔබව අනුගමනය කරන අය ඔබ කළ නොහැකි දෙයක් කළ බව දන්නවා. සමහර විට, ඔබට වෙනත් කළ නොහැකි දෙවල් කළ හැකි බව විශ්වාස කිරීමට එය උපකාරී වෙයි. හරියට ඔවුන් සැමවිට ම දැන සිටි පිස්සු විකාර ලෝකය වෙනුවට වෙනස් ලෝකයක් ගොඩ නගන්න වගේ. නමුත් ඔබ මාලිගා දියකර දමන්න සහ නගර පුලුස්සන්න මකුරු පාවිච්චි කරනව නම් ඔබෙත් මහලොකු වෙනසක් නෑ. ..”

මෙහි ප්‍රතිඵලයක් ලෙස, ජොන් ආදරයෙන් යුක්තව ( පැරණි පූර්ෂ ස්වොත්තමවාදී සූත්‍රයට අනුව සාපලත් ගැහැනිය ඇගෙන් ම බේරා ගන්නා ආකාරයට) අලුත් දෙයක් එනම් සියලුම පැරණි අයුක්තීන් නිමා කළ හැකි නව ලෝකයක්  සදහා අව්‍යාජ ලෙස සටන් කළ එක ම සමාජ නියෝජිතයා ඝාතනය කරයි.

ඉතින් යුක්තිය ජයගත්තේ ය. නමුත් කෙබදු යුක්තියක් ද? නව රජු Bran ය. අබ්බගාත වූ සියල්ල දන්නා නමුත් කිසි දෙයක අවශ්‍යතාවයක් නැති – එනම්’ හොදම පාලකයන් යනු බලයට අකමැති අය ය ‘යන දියාරූ ප්‍රඥාව ඇතිකිරීම ය එහි අරමුණ. නව ප්‍රභූවරයෙකු වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වරණයකින් රජු තේරීමට යෝජනා කළ විට බැහැර කරන සිනහවක් ඉපදවිම තුළින් මේ සියල්ල පැහැදිළි වේ. ඩැනේරිස්ට විශ්වාසවන්තව අවසානය දක්වා උදව් කළ අය විවිධත්වයක් ඇති බව කිසිවෙකුට බැහැර කළ නොහැකි ය. නව පාලකයන් නෝර්ඩික් සුදු ජාතිකයන් වන විට ඇගේ හමුදාපතිවරයා කලු ජාතිකයෙකි. සමාජ තත්ත්වය හෝ ජාතිය නොසලකා සියලු දෙනාට නිදහස බලාපොරොත්තු වූ රැඩිකල් රැජින පන්නා දැමුණි. දේවල් නැවත සාමාන්‍ය තත්ත්වයට පැමැණියේ ය.

 

ස්ලැවෝයි ජිජැක්

පරි. කුසල් කුරුවිට

 

 

 

 

***

Advertisements