Before Working Day, 1966

ඇලේන් බදියු, ප‍්‍රංශයේ නොවැම්බර් 13 ත‍්‍රස්තවාදී ප‍්‍රහාර පිළිබඳව ඔහුගේ නව කෘතිය තුළ, සිය පොරොන්දුවලට ගරු නොකළ ධනවාදයෙන් අධිකව අසහනයට පත් ලෝකයේ තාරුණ්‍යයට දෘශ්ටිවාදාත්මක විකල්පයක් පිදීමේ දැවෙන අවශ්‍යතාව සිහිපත් කරනවා. ඔහු උත්සාහ කරනවා වගවිභාගයක් නොමැතිව ජනතාව ඝාතනයට ජිහාඞ්වාදීන්ව තල්ලූ කරන ගුප්ත මරණාශය පහදාදීමට. සමාජ සහ ආගමික කාරණා මතින් ගොඩනැගෙන රැඩිකල්කරණයේ ප‍්‍රවර්ගයක් විසින් නොදුටුවිරූ ප‍්‍රචණ්ඩත්වය ඇතිකරන බවට ජනප‍්‍රිය ලෙස තර්ක කෙරෙනවා. කොහොම වුවත්, මෙම ප‍්‍රහාර මීට වෙනස් ඇසකින් බදියු දකිනවා. ඔහුට අනුව, ඒවා ගෝලීය ධනවාදයට සීමා නැති අපගේ කාලයේ රෝග ලක්ෂණික සංහාරයි. ෆයර්ඩ් විසින් ජනවාරි 11 දින නිකුත් කරන ලද බදියුගේ නව පොත වන Notre mal vient de plus loin: penser la tuerie du 13 Novembre  විසින් ලෝක ධනවාදය සහ විකල්ප අහිමි වීම යන සන්දර්භය තුළ ත‍්‍රස්තවාදය පිළිබද පුරෝගාමී විශ්ලේෂණයක් ඉදිරිපත් කරනවා.

ලිබරේශන් නම් ප‍්‍රංශ දිනපතා පුවත්පත විසින් ඇලේන් බදියුගේ නව කෘතියෙහි පැමිණීමත් (2016) සමඟ බදියු හා කළ සම්මුඛ සාකච්ඡාවේ ප‍්‍රංශ භාෂාවෙන් පළ වූ මුල් ලිපියෙහි ඉංග‍්‍රීසි පරිවර්තනය Uisio නම් සඟරාවේ පළ විය. පහත සිංහලට පරිවර්තනය කර ඇත්තේ එම ඉංග‍්‍රීසි පරිවර්තනයයි.

 

***

ජනවාරි සහ නොවැම්බරයේ රහාර අතර ඔබ දකින වෙනස්කම් මොනාද?

 

මෙම සිද්ධීන් ද්විත්වය තුළ, අපට දැකිය හැකියි එකම ඓතිහාසික සහ භූදේශපාලනික සංදර්භය; එකම ඝාතකයන් එකම මිනීමරු සහ දිවිනහගන්නා අධිෂ්ඨානය; සහ රාජ්‍යයේ පැත්තෙන් එකම ප‍්‍රතිචාරය, පොලීසිය සහ පළිගන්නාසුළු ජාතිවාදය. කොහොම වුවත් බහුජන ඝාතකයන් සහ රාජ්‍ය ප‍්‍රතිචාර යන ද්විත්වයේ තියෙනවා සුවිශේෂී වෙනස්කම්. ප‍්‍රථමව, ජනවාරියේදී සිදුවූයේ ඉලක්කගත ඝාතන; ඒවායේ තෝරාගත් වින්දිතයන් වුයේ චාලි හෙබ්දො හි දේව අපහාසකරුවන්, යුදෙව්වන් සහ පොලිස් නිලධාරීන්. මෙම ඝාතනවල  දෘෂ්ටිවාදාත්මක, ආගමික සහ යුදෙව් විරෝධී ලක්ශණ පැහැදිලිය. අනෙක් අතට, මහ පරිමාණ බහුජන විහිදීමේ ආකෘතිය රැගත්, මෙම සිද්ධියට දැක්වුණු ප‍්‍රතිචාරය ට , අවශ්‍ය වුණා  “Nous sommes tous Charlie.”(අපි සියල්ලන්ම චාලි වෙමු)  යන දෘෂ්ටිවාදාත්මක සටන් පාඨය හරහා ආණ්ඩුව සහ එහි ජාත්‍යන්තර මිත‍්‍රරාජ්‍යයන් පිටුපස ඒකරාශී වූ ජාතියේ ඒකමිතිය හඟවන්නට. එය සුවිශේෂ ලක්ෂ්‍යයක් වෙනුවෙන් පෙනීසිටිනවා; ලෞකික නිදහස, දේව අපහාසයට ඇති අයිතිය වෙනුවෙන්.

 

නොවැම්බරයේදී, ඝාතකයා අපැහැදිලියි, ඉතා පැහැදිලිව ශුන්‍යාත්මකයි. සහ පිළිතුර අවශ්‍යයෙන්ම ජනප‍්‍රිය විහිදීමක් නෙමෙයි, එහි ආදර්ශ පාඨය අන්ධ ලෙස දේශානුරාගිකයි සහ කුරිරුයි. ”ම්ලේච්ඡුයන්ට එරෙහිව යුද්ධය”. දෘෂ්ටිවාදය, “අපගේ වටිනාකම්” වැනි එහිම නග්න අවමයට සහ ව්‍යුක්ත කොටසකට ඌණිත වෙලා. සැබෑව වන්නේ, සම්පූර්ණයෙන් නිශ්ඵල නීති සමුදායක් සහ කුරිරු නියෝග සමඟ පොලිස් ඒකරාශිකරණයෙහි දැඩි තද කරලීම, සදාතනික හදිසි තත්වයක් නිර්මාණය කිරීමට නොඅඩු ඉලක්කයක් වෙත දිශානත වී ඇති බවයි. එනිසාවෙන් තාර්කික සහ පුළුල් මැදිහත්වීමේ ප‍්‍රතිඵලය ඊටත් වඩා හදිසියි සහ අනිවාර්යයි. අපි මහජනයාට ඒත්තු ගැන්විය යුතුයි ඔවුන් ඝාතකයන්ගේ රෞද‍්‍රභාවයට හෝ පොලිස් රාජ්‍යයට හෝ යටත් නොවිය යුතුය යන්න.

 

ඔබ නොවැම්බර් 13 සිද්ධිය කොමියුනිස්ට්වාදයේ ඓතිහාසික බිදවැටීමේ හේතුව නිසා ඇති වූනපුරලෙස විශ්ලේෂණය කරනවා.ඇයි ? එය කල් පැනපු සහ අතීතකාමීත්වය පෙන්වන කියවීමක්නෙ.

 

මම වෙහෙස වූයේ අපගේ ලෝකයේ ව්‍යුහයන්ගෙන් නික්මී හැකිතරම් පැහැදිලිව විවරණයේ මූලලේඛයක් සැලසීමටය:  පෞද්ගලික කතිපයාධිපත්‍යය අභියස රාජ්‍යයන්ගේ දුර්වල වීම, බටහිරෙහි ආශාව, අද දවසේ විකල්පය යෝජනා වී නොමැති ගෝලීය ධනවාදයේ ප‍්‍රසාරණය. මට අතීතකාමී ලාලසාවක් නැහැ. මැතිවරණමය අර්ථයෙන් මම කිසිමවිට කොමියුනිස්ට්වාදියෙක් වුණේ නැහැ. ශුන්‍යවාදී හැරයාම් හෝ පවතින පරිභෝජනවාදී යන්ත‍්‍රවලට යටහත් ලෙස ඇතුළුවීම අතර සාවද්‍ය තෝරාගැනීමක් හැර වෙනත්  ඕනෑම දෙයක් ගෝලීය තාරුණ්‍යයට යෝජනා කිරීමට ඇති හැකියාව මම ”කොමියුනිස්ට්වාදය” වශයෙන් හඳුන්වනවා. එය, මගේ පැත්තෙන්, මුරණ්ඩුකමක් හෝ සම්ප‍්‍රදාය නොවේ. ලෝකය දැනට පවතින ආකාරයට වඩා වෙනස්  ඕනෑම දෙයක් පැවතිය හැකි යැයි තාරුණ්‍යයට සිතීම සඳහා දේශපාලන උපාංගයක් ද ඇතුළත්වන, දේශපාලන රාමුවක් නොමැතිනම්,මා සහතික කරන එකම දෙය නොවැම්බර් 13 බඳු ව්‍යාධිමය රෝග ලක්ෂණ මතුවන බවයි.

 

ගෝලීය ධනවාදයේ දෘඪ රහණයට සියලූ වගකීම් ලබාදීම මගින්, ඔබ රතික්ෂේප කරන්නේ නැද්ද සුවිශේෂීව වෙනස් මාදිලියක් ඔසවන්නට තැත් කරන අදහස් හා බුද්ධිමතුන්ගේ වගකීම ?

 

60 – 70 ගණන්වල වාමාංශවාදයේ ඉක්මන් සාර්ථකත්වයෙහි අඩුබව නිසා එපාවීම සහ භංගත්වයට පත්වීම තුළ පසුබැසගිය බුද්ධිමතුන් ප‍්‍රමාණයක් 80 ගණන්වල සිට ස්ථාපිත පිළිවෙල වටා රොක් වුණා. ලෝකය තුළ ස්ථාපිතවන්නන්ට, ඔවුන් බටහිර සම්ප‍්‍රසාදය (serenity) හි ඔසවාතබන්නන් බවට පත් වුණා. ප‍්‍රත්‍යක්ෂ ලෙසට ඔවුන්ගේ වගකීම දැනෙනසුළුයි. එහෙත් කොමියුනිස්ට් උපන්‍යාසය යළි-ප‍්‍රාණවත් කිරීමට සහ ශක්තිමත් කිරීමට,  ධනවාදී ප‍්‍රසාරණය පිළිබඳ රැඩිකල් විචාරය සහ විකල්ප යෝජනා පැත්තෙන් ඇතිවූ ප‍්‍රමාදය අප ගණනය කළ යුතුය. ව්‍යසනයේ විශාලත්වයෙන් තමයි මෙම දුර්වලභාවය පැමිණියේ. විශේෂයෙන් පශ්චාත් යුධකාලීන ප‍්‍රංශයේ, දිගුකාලයක් විවේචනයට ලක් කර තිබූ, සමාජවාදී රජ්‍යයන්ගේ පමණක් නොව, බුද්ධිමතුන් අතර පැවැති ප‍්‍රගතිශීලි සහ විප්ලවීය අදහස්වල ආධිපත්‍යයේ කිසියම් ආකාරයක බිඳවැටීමක් ඇතිවිය. මෙම බිඳවැටීම විසින් සංකල්පීය සහ දෘෂ්ටිවාදාත්මක විශේෂයෙන් දාර්ශනික ව යළි-අලූත්කිරීමක අවශ්‍යතාවයක් ඉල්ලා සිටින ගැඹුරු අර්බුදයක් පෙන්වූවා. අනෙක් අය සමඟ, මෙම කර්තව්‍යයට මම මැදිහත් වෙලා ඉන්නෙ, එහෙත් අප තවම ගමන් කළ දුර කෙටියි. ලෙනින් ප‍්‍රකාශ කළා බුද්ධිමතුන් ඉතිහාසයේ සංවේදී ලකුණ බව. 70 ගණන් වලට මුල සහ 80 ගණන්වල මැද අතර කාලයේ ඉතිහාසය තුළ, අපි දෘශ්ටිවාදාත්මක ප‍්‍රතිවර්තනයේ අසාමාන්‍ය හිංසනයක්, සියලූ වර්ගයන්ගේ පසුගාමී අදහස් හි සම්පූර්ණයෙන්ම වගේ නොදුටු විරූ විජයග‍්‍රහණයක් ප‍්‍රතිෂ්ඨාපනය කළා.

 

ඔබ විස්තර කරනා ලෝකය තුළ, එහි රාජ්යයන්ගේ දුර්වල කිරීම පවතිනවා. ඇයි ඔවුන් ගෝලීය ධනවාදය පාලනය කරනා කාරකයන්ට මුහුණ නොදෙන්නේ?

 

මාක්ස් විසින් ප‍්‍රාග්ධනයේ බලයෙහි පදනම ලෙස විස්තර කළ රාජ්‍යයන්, ඒවා මාක්ස් ම අපේක්ෂා නොකළ පරිමාණයකට ගමන් කර ඇති බව අපිට පෙනෙනවා. ගෝලීය ධනවාදයේ හෙජමොනික පද්ධතිය ඇතුළතින් රාජ්‍යයන්ගේ සම්මිශ‍්‍රණය වීම අතිශයින් බලවත්. දශක ගණනාවක් පුරා,  පාලක පක්ෂය කුමක් වුවත්  “මගේ ප‍්‍රතිමල්ලවයා මූල්‍යයයි” ආදි ලෙස කෙරෙන නිවේදන කෙසේ වෙතත්, එකම ප‍්‍රතිපත්තිය දිගටම කරගෙන ගියා. එවගේම සුවිශේෂී පුද්ගලයන්ට චෝදනා කිරීම වැරදිබව මම සිතනවා. ධනවාදී කතිපයාධිපත්‍ය විසින් රාජ්‍යයේ භූමිකාව විශ්මයජනක දුරකට තීරණය කරන බව, අතිශයින් බලවත් පද්ධතික දාමයක් ඇතිබව සිතීම වඩා තාර්කිකයි. මෑතකාලීන ග‍්‍රීක සිදුවීම සිත් ඇදගන්නා උදාහරණයක්. බහුජන ව්‍යාපාර, දේශපාලන යළි-ප‍්‍රාණවත් කිරීම යන සියල්ල විසින් නිර්මාණය කළ නව වාමාංශික සංවිධානයක් තිබුණ රට මෙයයි. සිරීසා බලයට පැමිණි පසු, මූල්‍යමය අණකිරීම්, ණයහිමියන්ගේ ඉල්ලීම් විරෝධනය කළහැකි සුදුසු බලයක් සංස්ථාපිත කරගෙන නොමැත.

 

කොහොමද පැහැදිලි කරන්නේ වෙනස සඳහා අභිමතය සහ එහිම වියනොහැකියාව යන දෙක අතර විෂමතාව?

 

එහි තිබුණා හෙජමොනික ධනවාදී බලයන්ගේ වාස්තවික ජයග‍්‍රහණයක්. එහෙත් එමෙන්ම තිබුණා එයට ප‍්‍රතික‍්‍රියාවක් ලෙස ඇති වූ සියලූ ආකෘතීන්ගෙන් යුතු වූ විශිෂ්ඨ විෂයික ජයග‍්‍රහණයක් එනම් සමස්ත ලෝකය තුළ වෙනත් ආර්ථික සහ සමාජ සංවිධානයක් ඇති ලෝකයක් පිළිබඳ අදහස ප‍්‍රායෝගිකව විනාශ කළ විෂයික ජයග‍්‍රහණයක්. ”වෙනස”ට කැමති ජනතාව බොහෝ ය. එහෙත් චින්තනයේ පිළිවෙල සහ සැබෑ ක‍්‍රියාව තුළ, වෙනත්  ඕනෑම දෙයක වියහැකිභාවය පිළිබඳව ඔවුන් තමන්වම ඒත්තුගන්වා ගෙන ඇත්ද යන්න මට විශ්වාස නැහැ. අප තවමත් එම වියහැකියාව පණගැන්විය යුතුය.

 

අපගේ කාලයේ දේවධර්මය ලෙස ජුගන් හබමාස් ආර්ථිකවිද්යාව සම්බන්ධව රකාශ කරනවා. කෙනෙක්ට හැඟිය හැකියි මෙම පද්ධතික යාන්තරණ දේවධාර්මිකයි කියා. ඒත් රංශය තුළ කුමක්ද වුණේ යන්න ඔබ කොහොමද තේරුම් කරන්නේ?

 

මම මතක් කරනවා ප‍්‍රංශයට ප‍්‍රහාරයන්ගේ ඒකාධිකාරයක් නොමැති බව. වෙනස් තත්ව යටතේ සිදුවුව ද මේ ප‍්‍රපංච අද ජනතාව ජීවත්වන සාමාන්‍ය සංදර්භය සමඟ සම්බන්ධයි. මම ලොස් ඇනජ්ලීස් සිටි කාලයේ, ප‍්‍රංශ සිදුවීමට පසු කැලිෆෝනියාව තුළ සාහසික බහුජන ඝාතනයක් එහි සිදුවුණා. එසේ කීවද, වාස්තවික විශ්ලේෂණයට ඔබ්බට ගොස්, අපි හැකිතරම් ඝාතකයන්ගේ විෂයිකත්වය ඇතුළට යා යුතුය. මෙම තරුණ ඝාතකයන් යනු වියනොහැකි ආශාවේ හෝ බටහිරෙහි පීඩිතභාවයේ ප‍්‍රතිඵල බව ප‍්‍රත්‍යක්ෂයි.  ඕනෑම තැනක හමුවුණ මෙම මූලධාර්මික අනුරාගයයි දේවල්වල යතුර : වෙනත් ලෝකයක් යනු විය නොහැක්කක් නම්, එහෙනම් ඇයි අපිට මේ ලෝකය තුළ තැනක් නැත්තේ? වෙනත්  ඕනෑම  ලෝකයක් අපි වියනොහැක්කක් ලෙස නියෝජනය කරන්නේ නම්, මුදල්,සැපපහසුව,පරිභෝජනවාදය වගේ මෙම ලෝකයේ නිර්ණායක සහිත ස්ථානයක්, හෝ මේ ලෝකයේ ස්ථානයක් නොමැතිව සිටීම ඉවසිය නොහැකියි… මෙම භංගත්වය මරණාශයකට අවකාශයක් විවෘත කරනවා: අප ආශා කරන්නේ අපට එය ලබා ගත නොහැකි නිසා අපි වෛර කරනා දෙයටයි.

 

බටහිරෙහි ආශාව ඔබ්බෙන්, රංශය එහිම යටත්විජිතවාදී අතීතය මගින් ලකුණු වී ඇති බවයි පේන්නේ..

 

සැබවින්ම මෙහි යටත්විජිත අවිඥානයක් තවමත් විනාශ නොවී තිබෙනවා. මග්‍රෙබ් හරහා පැතිරි සෘජු සහ විස්තෘත පරිපාලනයේ දීර්ඝ අනුක‍්‍රමයක් මගින් අරාබි ලෝකය සමඟ සැබැඳියාව ව්‍යුහගතව ඇත. වර්තමානය වන තෙක්ම මෙම අවිඥානය පිළිගෙන නොමැති බැවින් එය විසින් ඊනියා ”වාමාංශය” හි මතය ඇතුළුව බොහෝ බහුඅර්ථ හඳුන්වාදෙයි. අපි අමතක නොකළ යුතුයි, 1956 දී ඇල්ජීරියාව තුළ යුද්ධය යළි-දියත් කළේ සමාජවාදී ආණ්ඩුවක් බව, සහ 80 ගණන්වල මැද අප‍්‍රිකාවෙන් පැමිණෙන ජනගහනය පිළිබඳව ”ල පෙන් නිවැරදි ප‍්‍රශ්නයන් මතුකරනවා” කියා කීවේ සමාජවාදී අග‍්‍රාමාත්‍යවරයෙක් බව.  යටත්විජිතවාදය සම්බන්ධව වාමාංශයෙහි වැදගත් තරමටම සැඟවුණු දූෂණයේ ඉතිහාසයක් පවතිනවා. ඊට අමතරව, 50-80 දශක අතර කාලයේදී පෙර-යටත්විජිත අප‍්‍රිකාවේ නිර්ධන පාන්තික බහුජනතාව ලබාගැනීම පිළිබඳව තදබල අවශ්‍යතාවයක් ප‍්‍රාග්ධනයට තිබුණා. එහෙත් 70 ගණන්වල අග ඇති වූ වේගවත් නිර්කාර්මීකරණය සමඟ, එම ප‍්‍රාග්ධනය ම පරණ කම්කරුවන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට සහ මුණුපුරු මිණිපිරියන්ට  කිසිවක් කළේ නැහැ, ඒ වෙනුවට එම කාලයේදීම අපගේ රට තුළ ඔවුන්ගේ පැවැත්මට එරෙහිව ඝෝෂාකාරී ව්‍යාපාර හසුරුවනු ලැබුවා. මේ සියල්ල විනාශදායකයි, සහ එය නිෂ්පාදනය කළා මෙම ප‍්‍රංශ විශේෂත්වය: ඉස්ලාමභීතික බුද්ධිමතාව.

 

ඔබේ විශ්ලේෂණය තුළදී, ඔබ විශේෂිව ආගම සහ ඉස්ලාමයේ රශ්නය මඟහැරියා..

 

මෙය විධික‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්නයක්. ඔබ විශ්ලේෂණය සඳහා ආගම ආරම්භක ලක්ෂ්‍ය කියා සළකනවා නම්, ඔබට එය පහු කළ නොහැක, ඔබ කුහරයක සහ ”ශිෂ්ටාචාරයන්ගේ යුද්ධය” හි ප‍්‍රතිගාමී සූත‍්‍රයක පැටලෙනු ඇත. මම යෝජනා කරනවා සිය විශයපථය තුළ විශ්වීය වන විවිධ තත්වයන්ට යොදවන්නට හැකි මධ්‍යස්ථ දේශපාලනික ප‍්‍රවර්ග.  ”දෘශ්ටිවාදාත්මක මුඛ්‍යරූප” (idealogical motifs) උදෙසා ඝාතනය කිරීමේ විකාරරූපී මහිමය වෙනුවෙන් ද සියදිවි නසාගන්නාසුළු ශුන්‍යවාදය වෙනුවෙන් ද තමාවම පුදකරන තාරුණ්‍යයේ කොටසක් විසින් පෙන්විය හැකි විභවාත්මක ආකර්ශනයේ (fascination) ඉස්ලාමය විසින් යම් දුරකට ආකෘතිගත කරන බව, වර්ණගත කරන බව මා ප‍්‍රතික්ශේප කරන්නේ නැහැ. එහෙත් හුදෙක්ම ආගම විසින් මේ හැසිරීම් නිපදවන්නේ නැත. ඒවා එතරම් බහුලව නොවුවද, ඒවා කිසිවිටෙකත් ඉතා විරල ව්‍යතිරේක නොවේ, විශේෂයෙන් විශාලව සම්ප‍්‍රදායවාදී  ප‍්‍රංශ ඉස්ලාමය තුළ. මෙම අත්‍යන්ත ඉස්ලාමීකරණයේ කොන්දේසි ප‍්‍රථමව ඝාතකයන්ගේ විෂයිකත්වය තුළ සංස්ථාපිත වූයේ ය යන්න අප දන්නා විට පමණයි අපි ආගමෙහි ප‍්‍රශ්නයට , ඉස්ලාමයට පැමිණිය යුතු වන්නේ . එම නිසයි මා යෝජනා කරන්නේ ඉස්ලාමය විසින් ෆැසිස්ට් කරනවා (fascises) නොව, මෙම ආකර්ශනය (fascination) විසින් ඉස්ලාමීයකරණය කරනා බව*. සහ ආකර්ශනයට (fascination) එරෙහිව, නව කොමියුනිස්ට් යෝජනාවකට හැකියි ඔවුන්ගේ නිරුක්තීන් කුමක්වුවත් ජනප‍්‍රිය තාරුණ්‍යය ඒකරාශී කරන්න.

 

*පරිවර්තක සටහන් – මෙහිදී බදියු මෙතෙක් ඔහු විසින් ආකර්ශනය (fascination) ලෙස යොදා ගත් පදය ෆැසිස්ට්වාදය (fascises)  යන පදය සමඟ සම්බන්ධ කරයි.

 

ඇලේන් බදියු

පරිවර්තනය – ප්‍රබුද්ධ දික්වත්ත

 

 

 

 

***

Advertisements