the-mona-lisa

 

ප්ලේටෝගේ සිට කාන්ට් දක්වා කාලය තුළ සෞන්දර්ය පිළිබඳ විවිධ විග‍්‍රහයන් – අවම වශයෙන් වුවත් – දැකිය හැකි ය. ප්ලේටෝ, ඇරිස්ටෝටල්, මධ්‍යතන යුගය, පුනරුදය, බුද්ධි යුගය යන යුගයන්හි පැවති සෞන්දර්ය පිළිබද අදහස් කාන්ට්ගේ සෞන්දර්ය න්‍යායට උපකාරී වී ඇත. එමගින් ඇතැම් අදහස් කාන්ට් තම අදහසට පක්ෂපාතිව ද ඇතැම් අදහස් විවේචනාත්මකවද විග‍්‍රහ කර ඇත. ඔවුන් මිනිසාට අමරණීය ආත්මයක් ඇත්ද, දෙවියන් සිටිනවාද, ස්වභාව ධර්මය සෑදී ඇත්තේ ඉතා කුඩා බෙදිය නොහැකි අංශු වලින්ද, විශ්වය අනන්තද ආදී ප‍්‍රශ්න පිළිබඳව සාකච්ඡුා කළහ. ඒ අතර සුන්දරත්වය පිළිබඳ සංවාදය කාන්ට් ආරම්භ කරන්නේ එම බුද්ධිවාදී ප‍්‍රවනතාවේ කේන්ද්‍රීය සලකුණක් නිර්මාණය කරමින් ය.
සෞන්දර්ය විද්‍යාව පිළිබඳ කාන්ට්ගේ අදහස් අන්තර්ගත කෘතිය ක්‍රසඑසුමැ දෙ වමාටැපැබඑ නමින් හැඳින්වේ. නිට්ටෝනියානු විද්‍යාව, පර්සියානු සංස්කෘතිය හා සභ්‍යත්වය රූසෝගේ අදහස් මෙන්ම ඬේවිඞ් හියුම් නැමැති දාර්ශනිකයින්ගේ අදහස් කාන්ට්ගේ දර්ශනය සඳහා බෙහෙවින් බලපා ඇත. කාන්ට් යුගප‍්‍රවර්තකයා යැයි නම් ලබන්නේ එවකට යුරෝපයේ කේන්ද්‍රීය දාර්ශනිකයා කාන්ට් බැවිනි.

මෙහිදී අප උත්සහ ගන්නේ සෞන්දර්ය විද්‍යාවේ වර්ධනයට මූලාරම්භය සැපයූ පුනරුද කාල පරිච්ෙඡ්දයේ බිහිවු විශිෂ්ඨ කලා කරුවෙකු වූ ලියනාඩෝ ඩාවින්චි (1452 – 1519* විසින් සිතුවම් කළ එතෙක් මෙතෙක් බිහිවු සොඳුරු නිර්මාණයක් ලෙස ගැනෙන ‘‘මොනාලිසා’’ කාන්ටියානු සුන්දරත්වය තුළින් සෞන්දර්යාත්මක විචාරයක් සිදු කිරීමටයි.

ලියනාඩෝ ඩාවින්චි 1452 ෆ්ලෝරන්ස් නගරයේ ටස්කන් හී දී උපන්නේය. ඔහු චිත‍්‍ර ශිල්පියෙකි. මූර්ති ශිල්පියෙකි, ගෘහ නිර්මාණ ශිල්පියෙකි, සංගීතඥයෙකි, දේශ සංචාරකයෙකි දාර්ශනිකයෙකි. ඉතාලි ජාතිකයෙකු වූ ඔහු පුනරුද සමය තුළ විශිෂ්ඨ නිර්මාණ බිහිකරන ලදී. ඔහුගේ තෙලිතුඩෙන් නිර්මාණය වූ ක‍්‍රිස්තුස් වහන්සේගේ අන්තිම රාත‍්‍රී භෝජනය, මෙනාලිසා ලොව පුරා ජනප‍්‍රියත්වයට පත් විශිෂ්ඨ නිර්මාණ ලෙස පිළිගැනේ.
සශ‍්‍රීකත්වයේ දෙවඟන ලෙස කාන්තාවකට පූජෝපහාර දැක්වීම සමඟ චිත‍්‍ර කලාව සහ මූර්ති කලා ඉතිහාසය තුළ ස්ත‍්‍රීය කලා වස්තුවක් ලෙස තේමා කරගනු ලබයි. 16 වන ශතවර්ශයේදී යුරෝපයේ ඇති වූ මහා පුනරුද යුගය ද ස්ත‍්‍රී සෞන්දර්ය නිර්මාණය කළ යුගයකි. උත්තුංග ලකෂණ වලින් හෙබි ආගමික හා ලෞකික මානව රූප එකල බිහි විය. ලියනාඩෝ ඩාවින්චි විසින් සිතුවම් කරන ලද ‘‘මොනාලිසා’’ නැමති ආලේඛය එ් අතරින් විශිෂ්ඨතම නිර්මාණයක් බැව් අවිවාදිතය.

පුනරුද යුගය තුළ ද වැඩවසම් සමාජ ක‍්‍රමයෙහි ලක්ෂණ තවදුරටත් පැවතුණේය. එම පදනමෙහි පිහිටුවාලීමට උත්සහ දැරූ කලාත්මක රූප ආගමික රූප විය. නැතිනම් ප‍්‍රභූවරුන්ගේ රූප විය. එ් අනුව බිහිවු මොනාලිසා සිතුවමද ෆ්ලොරන්සයේ ධනවත් වෙළඳ ව්‍යාපාරිකයෙකු වූ ෆ‍්‍රැන්සිස්කෝ ද ජියෝකොණ්ඩා නැමති වංශවත් පුද්ලයාගේ තෙවන බිරිඳ වු ලීසා ඩෙල් ජියෝකොණ්ඩා නමැති රූමතියගේ උඩුකය බව පිළිගත් ජනප‍්‍රිය මතයයි. ක‍්‍රි.පූ. 1505 – 1517 කාලසීමාව තුළ මෙම සිතුවම නිර්මාණය කර ඇත. පොප්ලර් නමැති ලීයක තෙල් සායම් මාධ්‍යයෙන් නිර්මාණය කර ඇති මෙම සිතුවම උඩුකය සිතුවමක් වන අතර, එහි දැක්වෙන ගුප්ත හැඟීම් සහිත මුහුණුවරකින් යුත් කාන්තා රුව ඉතා සියුම් ලෙස චිත‍්‍රය තුළ විවිධ හැඩතල සහ අවකාශය නිර්මාණය කර ඇත. තාත්වික ලක්ෂණ මතු වී පෙනෙන අයුරින් සිතුවම ගොඩනැගීමට ශිල්පියා සමත් වී ඇත.

මොනාලිසාගේ මුහුණින් එකවර දුක හා සතුට ඉස්මතු කොට දැක්වීමට ශිල්පියා උත්සාහගෙන ඇත. ඇගේ මුහුණ සහ දෙඅත් වල ස්වභාවික නැවුම් තාත්වික බවත් දැකිය හැකි අතර සියුමැලි ස්වභාවය හා ඝන දෙරිවර්ගයකින් නිමවු වටිනා ඇඳුමකන් සැරසී සිටින ඇය හිසකේ තුනී දැලකින් ආවරණය කරගෙන සිටීම ඇගේ ධනවත් වංශවත් බව කියාපායි. එම වස්ත‍්‍රයේ සියුම් රේඛා ශිල්පියාගේ ශිල්පීය නිපුනත්වය ප‍්‍රකට කරයි.

මෙම සිතුවම සඳළුතලයේ සිට අඳිනු ලැබුවක් බවත්, ඇය පුටුවක් මත වාඞීවී සිටින ආකාරයත් දැකිය හැකිය. සඳළු තලයේ සිට අඳිනු ලැබු නිසා චිත‍්‍රයේ පසුබිම ඈතට විහිදී ගිය ගම්මානයක දර්ශනයක් දැක්වේ. මෙය ලියනාඩෝ ඩාවින්චිගේ සිතෙහි ඇති වු මනඃකල්පිත පරිකල්පන පසුබිමක් බවද ඇතැම් විචාරකයින්ගේ මතයයි. කෙසේ නමුත් මෙය අවකාශාත්මක පර්යාලෝක ලක්ෂණ සහිත භූමි දර්ශනයකි. මෙහි ඇත්තේ ට්‍රොබියා ගඟ හා පාලම ලෙස ඇතමුන්ගේ මතයයි. මෙම පසුතලයේ කඳු පංතීන්, ගංඟා, නිම්න, ගුරු පාරවල් හා පාලම දැකිය හැකිය. මෙම සිතුවම සඳහා ප‍්‍රධාන වශයෙන් යොදා ගෙන ඇත්තේ කහ, දුඹුරු, ගුරු, තද අඳුරු කොළ ආදී සීමිත වර්ණ සංකලනයකි. චිත‍්‍රයේ එළිය අඳුර දැක්වීම සුවිශේෂි ශිලපීය දක්ෂතා විද්‍යාමාන කරවයි. මුහුණට හා අත් මතට වැටී ඇති තද අඳුර තුළින් රූපය ඉස්මතු කර දක්වා ඇත.

මෙම නිර්මාණය පිළිබඳ බොහෝ පිරිස් විවිධ පරස්පර අදහස් පළ කර ඇති අතර, අදටත් මෙම සිතුවම පිළිබඳ නිශ්චිත අදහසක් නො පවතී. ඉහත මා විසින් ඉදිරිපත් කරන ලද්දේ වඩාත් ජනප‍්‍රිය මතය වන නමුත් සමහරෙක් මෙහි සිටින්නේ මොනාලිසා නොවන බව පවසයි. තවදුරටත් මෙම සිතුවම අධ්‍යනය කළ පර්යේෂකයින් මෙම සිතුවම තුළ රහස් සංකේතයක් සහ වෙනත් අයෙකුගේ රුවක් සඟවා ඇති බව සඳහන් කරයි. මෙම චිත‍්‍රයේ අයිතිය ප‍්‍රංශ රජය සතුවන අතර, දැනට මෙය ප‍්‍රංශයේ පැරීසියේ මුසේ ඞී ලූවර් කෞතුකාගාරයේ දැඩි ආරක්ෂාව මත ප‍්‍රදර්ශනයට තබා ඇත.

සුන්දර අසුන්දර වශයෙන් මිනිසා සැබෑ ලෝකය සෞන්දර්යාත්මකව ප‍්‍රතිව්‍යුහගත කරයි. සෞන්දර්ය වින්දනය තුළින් තෘප්තිය ලබාදෙන අතර, මානව ලලාසාවන් ස`දහා අවකාශය තහවුරු කරවයි. සියලූ වස්තුන්හි පැවැත්ම සුන්දරත්වය මත පවතී. චිත‍්‍ර කලාවේ සෞන්දර්ය දෘශ්‍යය. ඇස ස්වභාවයෙන්ම සෞන්දර්යේ විනිසකරුවා හා කාමියා වුවත් එය ඉතා විවේචනශීලි වන අතර සතුටු කිරිම දුෂ්කරය.

රුචිකත්වයේ පරිමාව සුන්දරත්වය විමසීමේදී වැදගත් වේ. රුචිකත්වය මෙම සිතුවම පිළිබඳ ගැටළුවක් නොව ආත්මය පිළිබඳ ගැටළුවකි. සෞන්දර්ය වස්තුවේ ඇති වාස්තවික බව ප‍්‍රතික්ෂේප කරන කාන්ට් එහි ඇත්තේ ආත්මීය බව යැයි පැහැදිලි කරයි. එම ආත්මීය සම්බන්ධ තුළින් අවබෝධය හරහා ඥානනය නොවෙයි. එය පරිකල්පනය මගින් සතුට හෝ අසතුට ඇතිකරලයි. කාන්ට් සතුට මුලි ආකෘති තුනක් යටතේ දක්වයි. අත්පත් කරගැනීමේ චේතනව මත ඇති වෙන සතුට, යහපත් දෙය මගින් ඇතිවන සතුට හා සුන්දර දෙය හේතුවෙන් හටගන්නා වූ සතුටයි. මොනාලිසාගේ නොපැහැදි ගුප්ත සුන්දරත්වය අප ගැඹුරු ලෙස කළබවන අතර අනෙක් අතට සංසුන් කරවයි. එය එකවරම අප තුළ ආතතියක් මෙන්ම තෘප්තියක් ද ඇතිකරන බව පැහැදිලිය. එ් අනුව වස්තුව අත්පත් කරගැනීමකින් තොරව ඇතිවන සතුට සුන්දරත්වය ලෙස හඳුනාගත හැකි ය.

ස්වභාව ධර්මයා විසින් දායාදිත ස්වභාවික වස්තුන් මෙන්ම මිනිසාගේ මුලිකත්වයෙන් නිර්මිත වස්තුන් සුන්දරත්වය යටතට අයත් වේ. මෙම සුන්දරත්වය කාන්ට් නිදහස් සුන්දරත්වය එනම් අපරිමිත සුන්දරත්වය හා අනුගාමී සුන්දරත්වය එනම් පරිමිත සුන්දරත්වය ලෙස නම් කර ඇත. මෙය වස්තුවක සුන්දරත්වය තීරණය කිරීමෙහිලා ඉතා වැදගත් වේ. මොනාලිසා සිතුවම තුළ මෙම ආකාරයන් ද්විත්වයම පෙන්නුම් කරයි.

සෞන්දර්ය විනිශ්චය කිරීම සඳහා පරිහරණය කරනුයේ මනසේ ස්වභාවික සහජාංශය හෙවත් ඉන්ද්‍රියයි. එම විනිශ්චය ආත්මීයයි. මොනාලිසාගේ කාන්තා විලාසය සෞන්දර්යාත්මක තෘප්තිය නිශ්ශ‍්‍රය තුළ ආත්මීය විශ්වීයත්වයක් මත රඳවයි. එහෙත් නිශ්කාම වන හෙයින් පුද්ගලික සුවිශේෂතා හෝ රුචි අරුචිකම් පදනම් නොවේ. මොනාලිසාගේ සුන්දරත්වය ඕනෑම අයෙකුට විශ්වීය වශයෙන් නිෂ්කාම තෘප්තියක් ලද හැකි ය. අප ‘‘මෙය මට නිශ්කාම තෘප්තියක් ගෙන දෙයි’’ යනුවෙන් පුද්ගලත්වයෙන් කතා කරන්නේ එහෙයිනි. සෞන්දර්ය විනිශ්චයෙහි තාර්කික විනිශ්චයක පවත්නා වෛෂයික විශ්වීයත්වය නැත. එහි ආත්මීය විශ්වීයත්වයක් ඇත. (ගම්ලත්, 1997, පි 166*

අපගේ පැවැත්ම සමඟ පරිකල්පනය නෛසර්ගිකව බැඳී පවති. සැබැවින්ම එය අප අත්දකින විශ්වයට පරිභාහිරව ද්වීතියික විශ්වයක් අප මනස තුළ සැකසීමට සමත්ය. එමඟින් අප කිසිදා නොදුටු දේ එ් තුළ නිමවයි. කාන්ට් විසින් පරිකල්පනය හඳුන්වන්නේ අවිඥානිකව සමෝදානය වන ශාරීරික ඉන්ද්‍රියක් ලෙසය. හැඟීම් හා විචාර ශක්තිය යන දෙකම අපේ සංකල්පයන්ට බලපායි. වස්තුව තිබෙන ආකාරය හා වස්තුව අපට පෙනෙන ආකාරය පිළිබඳ නිශ්චිත දැනීමක් ලබාගත නොහැක. ලියනාඩෝ ඩාවින්චි පරිකල්පනය මඟින් මෙම සිතුවම නිමවුවද එය රසවිඳින අප සිතුවම සමඟ විවිධ පරිකල්පන ගොඩනගා ගන්නා මුත් නිශ්චිත අවබෝධයක් කරා ලඟා විමට නො හැකිය. එලෙස නිශ්චිත විනිශ්චයකට පැමිණිය නො හැකි වීමම මෙහි ඇති සුන්දරත්වයයි.

සෞන්දර්ය වස්තු අරමුනු සහිත බව මත රැුදෙන මුත් සෞන්දර්ය ජනනය වීමට නම් අපගේ පරිකල්පනය ඉක්මවා යෑමක් විය යුතුය. මහත්වය, අකූලත්වය වැනි හැඟීම වස්තුව වෙනුවෙන් ඇති විය යුතුය. පරිකල්පනය හා අවබෝධය අතර ඝට්ටනයක් ඇති කළ යුතුය. මෙම මොනාලිසා සිතුවම අප නිශ්චිත අවසානයක් අරමුණක් වෙත වර්ධනය කරයි. නමුත් එම අවසාන සුන්දරත්වය කුමක්ද යන්න විස්තර කළ නොහැකි අරමුණක් නොමැති අරමුණුකාරීත්වයක් ඇති කරයි. මෙම සිතුවම නියත වශයෙන්ම ඩාවින්චි විසින් සිතුවම් කරන ලද්දේ යම් නිශ්චිත අරමුණකින් යුතුව බව සත්‍යයක්. නමුත් මොනාලිසා සිතුවම රස විඳින අප නිශ්චිත අරමුණක් දැකගැනීමට උත්සහ කළමුත් අවසානයේ එහි නිශ්චිත අරමුණුකාරිත්වයක් ඇති නොවේ.

සෞන්දර්ය පවතින්නේ මිනිස් මනසෙහිය පංචේන්ද්‍රයන් ග‍්‍රහණය කරගන්නා වස්තූන් අධ්‍යයනය කර ගැනීමේදී සෞන්දර්ය ජනනය වේ. මෙම මනසේ ඇතිවන ධනාත්මක ප‍්‍රමෝදයෙහි මූලය උත්කෘෂ්ටතාවයි. උත්කෘෂ්ටත්වය නම් සෑම බුද්ධිමය ප‍්‍රමිතියක්ම ඉක්මවා යන මනෝ පිළියම පෙන්නුම් කරන හුදු චින්තන හැකියාව යි. (මෙරඩින්, 1957, පී.89) ස්වභාව ධර්මයේ වස්තූන් දුටු විට එම වස්තූන් කෙරෙහි වචනයෙන් විස්තර කළ නොහැකි උත්කෘෂ්ඨතාවක් ඇති කරයි. මෙම මොනාලිසා සිතුවමෙහිද පසුතලයේ දිස්වන ගඟ, නිම්න, පාරවල් තුළින් අප එ්වායේ පුදුම සහගත බවින් උත්කෘෂ්ටත්වයට පැමිණේ.

මෙම සිතුවමෙහි ස්වභාව ධර්මයේ ආශ්චර්යය අප ආත්මීය විස්මයට පත් කරයි. එම ස්වභාව වස්තූන් වාස්තවික ගුණයෙන් සිතුවම් කර ඇති බැවින් විස්තර කළ නොහැකි උත්කෘෂ්ටතාව සෞන්දර්යක් උපදී. සෞන්දර්ය සීමිතත්වය හා සම්බන්ධ වන අතර උත්කෘෂ්ටතාව අසීමිතත්ව සමඟ බැදේ. සිතුවම හා නිරතුරු සම්බන්ධ වන සෞන්දර්ය සංකල්පය රූපයේ සීමිත සුන්දරත්වය සමඟ බැදේ. රූපයේ විශ්මය තේරුම් ගැනීමට නොහැකි වීම අසීමිත බව පිළිබඳ උත්කෘෂ්ටතාවකි. නිරතුරුවම උත්කෘෂ්ටතාව මතුවන්නේ අසීමිත සුන්දරත්වය ළගය. මෙම මොනාලිසා සිතුවමෙහි වර්ණාලේපිත විචිත‍්‍රවත් පසුතලය අසීමිත සුන්දරත්වය තුළින් උත්කෘෂ්ටතාවයට රැුගෙන යයි. මිනිසාට කිසිවිටෙකත් නිර්මාණය කරගත නොහැකි මෙවන් ස්වභාවික වස්තු සතු විශිෂ්ටත්වය අපරිමිතිය. අප උත්කෘෂ්ටත්වයයි කියන්නේ උපරිම වශයෙන්ම දැවැන්ත වූ දෙයයි. එය සමඟ සසඳන විට අන් සියල්ලන්ම අල්පය එය අපේ අනුභූතිය ඉක්මවා පවතී. (ගම්ලත්, 1997, පි 171) කිසිදු සංකල්පයකින් සපුරා මෙම සිතුවමෙහි උත්කෘෂ්ටත්වය තේරුම් ගත නොහැකිය. එනම් කිසිම සංකල්පයකට උත්කෘෂ්ටතාව හමු නොවන බැවින්. මෙහි සෞන්දර්ය අදහස භාෂාවකින් තේරුම් කර නො හැකිය.

දෘශ්‍ය පථය වෙනුවෙන් ඇතිවන ඉන්ද්‍රීය සංවේදීතාව පරිකල්පනය හා අවබෝධය යන සියළු අවස්ථාවන් හීදිම සෞන්දර්ය ජනනය වේ. ඉන්ද්‍රීය සංවේදීතාවයට පත්වීමේදී මෙම සිතුවමෙහි භාවිත කර ඇති වර්ණ සංකලනය සියුම් රේඛා හැඩය, පරිමාණය, අවකාශය සුසංවාදය, සමබරතාව, හා සමස්ත දෘශ්‍ය රූපකය කෙරෙහි මෙකි සෞන්දරය ප‍්‍රීතිය අවදි වී ඉන්ද්‍රිය සංජානනය ත‍්‍රීව වීම සිදුවේ. නැවත නැවතත් සිතුවම් දැක ගැනීමේ ප‍්‍රීතිය ඇති කරයි. ලෝක චිත‍්‍ර කලාවේ එවැනි අවස්ථාවක් ලෙස මොනාලිසා සිතුවම දැකිය හැකි ය. මොනාලිසා සිතුවම තරම් විවිධ විචාරක මතයන්ට ලක්වු තවත් සිතුවමක් නොමැති තරම්ය. එහෙත් විශිෂ්ට සිතුවමක් ‘නිවැරදිව’ කියවා අවසන් කළ නො හැක. මොනාලිසාගේ ගුප්ත සිනහව මීට නිවදන් සපයයි. නොතේරන සුළු සිනහවක් පවතින බව පිළිගැනීම රසිකයට අගරුකමක් නොව එය විශිෂ්ට සහෘදකමකි.

වර්ණ, රේඛා, හැඩතල මත සිතුවිලි අවදි වීමේදී ඇතිවන මෙම ප‍්‍රීතිය හුදෙක් නිර්-උපයෝගීතා ප‍්‍රීතියකි. නිෂ්කාමි සෞන්දර්යකි. තාර්කික ප‍්‍රවේශයෙන් විස්තර කළ නොහැකි ආත්මීය ප‍්‍රහර්ෂය අත්පත් කර ගැනීමේ චේතනාවෙන් තොරය. මෙකී ප‍්‍රහර්ෂය නිර්මලය, නිකළැල්ය, පිරිසිදුය. මේ අනුව ඵම්මානුවෙල් කාන්ට් සුන්දරත්වය පිළිබඳව ගොඩනැගු න්‍යායාත්මක පදනමෙහි ඇතුළත්ව මොනාලිසාගේ සුන්දරත්වය පුර්වොක්තව සුවිශද වේ.

 

නෙත්මි පැහැසරණි