Image: Mother Courage and Her Children_Uinversity of Peradeniya_2024_Hemantha Anurasiri

වේදිකාව පිළිබඳ නවීනත්වයකින් යුතුව සිතීම සඳහා අපට කළ හැකි එක් මැදිහත්වීමක් වන්නේ රංග කලාව පිළිබඳ නව සිතා බැලීම් පිළිබඳ කථිකාවක් ඇති කිරීමයි. ඒ වෙනුවෙන් ඇලෙන් බදියූගේ වේදිකාව පිළිබඳ තිසීස 11 අතිශය වැදගත් වේ. මාක්ස්ගේ ඓතිහාසික ෆොයෝබාක් තිසීස ආකෘතියට ලියා ඇති මෙම තිසීස 11 රංග කලාව පිළිබඳ නවීනත්වයකින් සිතන්නෙකුට අතිශය වැදගත් වනු ඇත. මෙහිදී උත්සාහ කරන්නෙ එම තිසීස 11, එක බැගින් මෙහි පරිවර්තනය කර බෙදා ගැනීම මගින් ඒ පිළිබඳ සාකච්ඡාවක් ඇති කිරීමයි. මේ තිබෙන්නේ එහි දෙවන තිසීසයි.

දෙවන තිසීසය

පළමුවෙන්ම වේදිකා අදහස් යනු එක්තරා ආකාරයක හෙළිදරව් වීමකි. අන්ටෝනි විට්ස් පවසන ආකාරයට වේදිකාවේ අරමුණ වන්නේ අප පවතින අවස්ථාව වඩා පැහැදිලිව ප්‍රකාශ කිරීමටත්, අපගේ ජීවිතය සහ ඉතිහාසය දෙසට දිශානතකිරීමත්ය. ඔහු ලියා තැබුවේ වේදිකාවට තේරුම් කළ නොහැකි ජීවිතය තේරුම් කළ හැකි වනවා යන්නයි. වේදිකාව යනු ඉතාම සාමාන්‍ය ප්‍රහාරයක් මගින් ලබා ගන්නා පරමාදර්ශී සරලබවකින් යුත් කලාවකි. මෙම සරලබව යන්නම ජෛවීය පැවැත්මේ මැදිහවීම විසින් කරනා හෙළිදරව්වට අසු වී ඇත. වේදිකාව යනු අත්හදාබැලීම් වල – එකවරම පඨිතමය සහ ද්‍රව්‍යමය – සරලකරණයකි. වේදිකාව මිශ්‍රව වූ සහ ව්‍යාකූල වූ දෙය වෙන් කරන අතර මෙම වෙන්වීම වේදිකාවේ හැකියාවට අයත් වූ සත්‍යයන් වෙත යාමට මඟපෙන්වයි. කෙසේ වෙතත් සරලබව ලබා ගැනීම සරල කරුණක් කියා නොසිතීමට අප ප්‍රවේශම් විය යුතුය. ගණිතයේදී ගැටලුවක් හෝ සාධනයක් සරලකරණය කිරීම බොහෝ විට වඩාත් සංකීර්ණ වූ බුද්ධිමය කලාවේ ප්‍රකාශනයකි. එලෙසම, වේදිකාවේදී, වෙන් කළ නොහැකි ජීවිතය, වෙන් කිරීමට සහ සරල කිරීමට කලාත්මක පැහැදැලි කිරීම් වඩාත් විවිධාංගීකරණය කිරීමට හා තහනම් කිරීම අවශ්‍ය වේ. වේදිකා-අදහස පවතින්නේ ඉතිහාසය සහ ජීවිතයේ උපරිම මහජන මොහොතක් ලෙස ගත හැකි ලෙස පමණි. එනිසාම එය පවතින්නේ කලාවේ පරිසමාප්තිය ලෙස පමණි.

පරිවර්තනය: රංග මනුප්‍රිය